25 C
Colombo
Thursday, November 14, 2024

පියුමිටයි තාඹුගලටයි එරෙහි විමර්ශන කඩිනම් කරන ලෙසට නියෝග

- Advertisement -

නිරූපන ශිල්පිණී පියුමි හංසමාලි සහ අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල යන දෙදෙනාට එරෙහි විමර්ශන කඩිනම් කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා අද (11) නියෝග කර තිබෙනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ගොනුකර තිබූ නඩුවක් අද නැවත කැඳවූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා මෙම නියෝගය ලබා දුන්නා.

දේශීය අදායම් පනතේ 190 වගන්තිය ප්‍රකාරව එම දෙදෙනා බදු පනතට අදාළ වැරදි සිදුකර තිබේද යන්න විමර්ශනය කිරීම සඳහා නියෝගයක් ලබා දෙන ලෙසට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එම නඩුව ගොනු කර තිබුණා.

මෙම සිද්ධියට අදාළ ලිපි ලේඛණ පරීක්ෂා කිරීම සඳහා එම දෙදෙනාගේ නිවාස සෝදිසි කිරීමට අධිකරණ නියෝගයක් ලබාගත් නමුත් එසේ සෝදිසි කිරීම් කටයුතුවල නිරත වන අවස්ථාවේදී එම දෙදෙනා නිවාසවල නොසිටි බවත් දේශීය අදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතීඥ දිනේෂ් පෙරේරා මහතා අධිකරණයට දන්වා සිටියා.



RECENT ARTICLES - SINHALA

ගල්කිස්සේ වෙඩි තැබීමක් : පුද්ගලයෙක් මරුට

ගල්කිස්ස පොලිස් වසමේ බඩෝවිට ප්‍රදේශයේදී අද (13) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 30ක් වූ 03වන අදියර, බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. වෙඩිතැබීමෙන්...

කොළඹ කොටස් වෙළදපොළේ වාර්තාගත වෙනසක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (13) ඒ්කක 136.20කින් ඉහළ ගිය අතර ඒ අනුව මුළු අගය ඒකක 13,000 සීමාව ඉක්මවා ගියා. මීට පෙර...

විදේශ ගත අයට උපත්, විවාහ හා මරණ සහතික පිටපත් ලබාගත හැකි අලුත් වැඩක්

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ පහසුව සඳහා විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් උප්පැන්න, විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීමට රජය සැලසුම් කර...

POPULAR ARTICLES