32 C
Colombo
Friday, February 21, 2025

අපේ දරුවන්ට මන්දපෝෂණ ප්‍රශ්නය නෑ..! – වාසුදේව

- Advertisement -

මන්ත්‍රීවරුන්ගේ දරුවන්ට මන්දපෝෂණය නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා.

ඒ, අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

කෙසේ නමුත් මන්දපෝෂණය ඇති දරුවන් සිටින පවුල්වල ජනතාව වෙනුවෙන් කරුණු පැවසීමට කිසිදු සභාවක් නොමැති බව‍යි ඔහු පෙන්වා දෙන්නේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර,

“මම ප්‍රශ්නයක් අහනවා. මේ සභාවේ 225ක් ඉන්නවා, අපේ දරුවන්ට මන්දපෝෂණය ප්‍රශ්නය තියෙනවාද ? නෑ. අපේ දරුවන් කාටවත් නෑ මන්දපෝෂණය ප්‍රශ්නයක්. එහෙම කවුරුවත් මන්ත්‍රීතුමෙක් හිටියොත් මම නම් පුදුමයෙන් පුදුමයට පත්වෙනවා මම ඒක ගැන පුදුම හතෙන් එකකට වාර්තා කරනවා. ඒකෙ තේරුම තමයි හොඳ පසුබිමක්, ගෙදර හොඳ ආර්ථික ශක්තියක්, ඒ වගේම ගෙවල්වල අඩුපාඩු නැති කෑම් බීම් රටාවක්, මාළු බිත්තර මේවා ලැබෙනවා. ඉතින් ඒ නිසා තමයි අපේ දරුවන්ට නැත්තේ. මට තියෙන ප්‍රශ්නය මේකයි, අපි කතාකරන්නේ කවුරු ගැනද. මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් ගැන. ඔවුන් අයිතිවෙන පවුල් මොනවාද ?

විශේෂයෙන්ම බහුතර අඩු ආදායම් ලාභී ජනතාවගේ පවුල්වල දරුවෝ. ඒ අය කවුරුවත් නෑ මෙහේ. මේ සභාවේ. ඇත්තටම ඒ අඩු ආදායම්ලාභී ජනතාවට, ඔවුන් වෙනුවෙන් කරුණු කියන්නට, සභාවක් නෑ. මම හිතන්නේ පළාත් පාලන ආයතන තුළ තමයි කියන්න පුළුවන් දෙයක් තියෙනවා නම් කියන්න තියෙන්නේ, එතන කියන ඒවා මෙතනට වාර්තා වෙන ක්‍රමයක් හෝ ඒ වාර්තාවෙන කරුණු හා තොරතුරු අපි මේ සභාවේ සැලකීමට ගැනීමක් හෝ තියෙනවා ද කියන ප්‍රශ්නය මම මේ අවස්ථාවේ මතුකරනවා.”

RECENT ARTICLES - SINHALA

වසන්ත සමරසිංහගේ නම සඳහන් බදු වංචා නඩුව ගැන තීරණයක්

නැෂනල් වර්කස් ඉන්ස්ටිටියුට් ආයතනය සතු දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩම ව්‍යාජ ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ තිස්හයකට බදු දී වංචා කරන ලද බව කියන සිද්ධිය...

නිට්ටඹුවේදී පුද්ගලයින් දෙදෙනෙක්ට තියුණු ආයුධ ප්‍රහාරයක්

නිට්ටඹුව පොලිස් වසමේ දී පුද්ගලයන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව පොලීසිය පවසනවා. සිද්ධියෙන්...

ත්‍රීරෝද රථයක මිල ඉහළට

අලුතින්ම මිලදී ගන්නා ත්‍රීරෝද රථයක මිල රුපියල් 1,995,000.00ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. David Pieris Motor Company (Pvt) Ltd සිය වෙබ් අඩවිය තුළ මෙම නව මිල...

POPULAR ARTICLES

වසන්ත සමරසිංහගේ නම සඳහන් බදු වංචා නඩුව ගැන තීරණයක්

නැෂනල් වර්කස් ඉන්ස්ටිටියුට් ආයතනය සතු දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩම ව්‍යාජ ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ තිස්හයකට බදු දී වංචා කරන ලද බව කියන සිද්ධිය...

නිට්ටඹුවේදී පුද්ගලයින් දෙදෙනෙක්ට තියුණු ආයුධ ප්‍රහාරයක්

නිට්ටඹුව පොලිස් වසමේ දී පුද්ගලයන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව පොලීසිය පවසනවා. සිද්ධියෙන්...

සංජීව ඝාතන සැකකරු පොටෝ වල ඉන්නේ ලව් කරනවා වගේ – චාමර (වීඩියෝ)

අපරාධයක් සිදුකළ පසු අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඡායාරූප මාධ්‍යය​ට නිකුත්වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද (21) මහජන...