29.4 C
Colombo
Sunday, March 30, 2025

අපේ රට වැටිලා නෑ , වැටිලා තියෙන්නේ ආණ්ඩුව – ශ්‍රී පාදස්ථානාධිපති හිමි (වීඩියෝ)

- Advertisement -

අපේ රට වැටී නැති බවත් වැටී ඇත්තේ ආණ්ඩුව බවත් ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් පවසනවා.

2023-2024 ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ වීමත් සමඟ වන්දනාකරුවන්ට පොදු පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරීන් දැනුවත් කිරීම සඳහා ඊයේ (09) පස්වරුවේ නල්ලතන්නිය ග්‍රාමසේවා කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා.

මෙම සාකච්ඡාවේදි වැඩිදුරටත් අදහස් දැක්වු ශ්‍රී පාදස්ථානාධිපති හිමියන්,  

“අපේ රට දුප්පත් රටක් නෙවෙයි , සම්පත්වලින් බහුල රටක් , දුප්පත් රටක් නම් රට වැසියන්ගෙන් මෙතරම් බදු මුදලක් අය කරන්නේ ඇයි? රටක් පවත්වාගෙන යන්න බදු මුදල් අවශ්‍යයි , රටේ ජනතාවත් පොහොසත් කරලා රටත් පොහොසත් වෙන්න ඕනි.රටේ පවතින්නේ පරිපාලන ගැටළුවක් මිස අපේ රට වැටිලා නෑ, ශ්‍රී පාදස්ථානයට පිවිසෙන මාර්ගය අයිති මේ රටේ ජනතාවට. ශ්‍රී පාද වන්දනාවේ සෑම ජාතියකටම අයත් වන්දනාකරුවන් පැමිණෙනවා , ඒ අයටයි ශ්‍රී පාද මාර්ගය අයිති , එම මාර්ගය යුධ හමුදා සහ නාවික හමුදාව සමග එක්වෙලා විශාල මුදලක් වැය කරලා මමයි සංවර්ධනය කළේ. එම මාර්ගයේ අවාරයේ ගමන් කරන අයගෙන් මුදල් අය කරන්න වන ජීවියට අයිතියක් නෑ.ශ්‍රී පාද මාර්ගයෙන් පිට රක්ෂිතයට ඇතුලු වන අයගෙන් මුදල් අය කළාට කමක් නෑ, අපේ රටේ ඕන තරම් ගැසට් ගහලා තියෙනවා , ඒවා ආපසු හරවපු අවස්ථා ඕන තරම් තියෙනවා.ඒ අනුව වන ජීවියට කියන්නේ ඔය ගහපු ගැසට් එකත් ආපහු හරවන්න කියලා” 

මේ අතර, 2023-2024 ශ්‍රී පාද වන්දනා වාරය ලබන මස (26) දිනට යෙදෙන උඳුවප් පොහෝ දිනයෙන් ආරම්භ කරන බව ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් මෙම සාකච්ඡාවේදී සඳහන් කළා.

ඒ අනුව, උන්වහන්සේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ට අවශ්‍ය පොදු පහසුකම් සලසන ලෙස රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරින්ගෙන් ඉල්ලා සිටියා.

මෙම සාකච්ඡාවට සහභාගි වු දුම්රිය දෙපාර්තුමේන්තුවේ නිලධාරින් ප්‍රකාශ කළේ  දුම්රියෙන් ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන සහ ආපසු ගමන් කරන වන්දනාකරුවන්ට දුම්රිය ස්ථානයෙන්ම නල්ලතන්නිය දක්වා ප්‍රවේශපත්‍ර නිකුත් කරන බවයි.

එම ප්‍රවේශපත්‍ර භාවිතා කරමින් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා ලංගම බස් රථ වලින් වන්දනාකරුවන් ප්‍රවාහනය කරන බවද ඔවුන් සඳහන් කළා.

තවද, 2023-2024 ශ්‍රි පාද වන්දනා වාරයේදි වන්දනාකරුවන්ගේ ආරක්ෂාව සදහා විශේෂ ආරක්ෂිත වැඩපිලිවෙළක් දියත් කරන බව එම සාකච්ඡාවට සහභාගි වු හැටන් සහකාර පොලිස් අධිකාරි  එම්.ෆාරුක් මහතා ප්‍රකාශ කර තිබෙනවා.

(හැටන්- රංජිත් රාජපක්ෂ)                     

RECENT ARTICLES - SINHALA

විජේදාස දේශබන්දුට කඩේ ගිහින්

වැඩ තහනමට ලක්වී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා මාලිමාවේ මන්ත්‍රීවරු පිරිසක් විසින් ගෙන එන ලද මන්ත්‍රී...

විශේෂඥ වෛද්‍යවරයෙක්ට පහරදුන් පුද්ගලයෙක් අත්අඩංගුවට

කෑගල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකුට පහරදුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෙරේදා (28) දහවල් කාලයේ කෑගල්ල මහ රෝහල ඉදිරිපිටදී පුද්ගලික ආරවුලක් මත අදාළ පුද්ගලයා විසින් විශේෂඥ...

ටිරාන්ව CIDයෙන් කැඳවලා

2023  වසරේ මාතර, වැලිගම හෝටලයක් අසලදි සිදුවූ වෙඩිතැබීමක් අතරතුර කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය...

POPULAR ARTICLES