31 C
Colombo
Thursday, November 7, 2024

අපේ ආණ්ඩුව වැරදි කරන්නේ නැහැ – ටිල්වින්

- Advertisement -

රටකට අවශ්‍ය වන්නේ ශක්තිමත් විපක්ෂයක් නොව ශක්තිමත් ආණ්ඩුවක් බව ටිල්වින් සිල්වා මහතා පවසනවා.

සමඟි ජන බලවේගය, රනිල් වික්‍රමසිංහ පාර්ශවය,පොදුජන පෙරමුණ ඇතුළු කණ්ඩායම් දැන් ආණ්ඩු බලය නොලැබෙන බව දන්නා නිසා ශක්තිමත් විපක්ෂයක් ගැන පවසමින් සිටින බව ටිල්වින් සිල්වා මහතා සඳහන් කරනවා.

ආණ්ඩුවට මඟ පෙන්වීමට නම් ශක්තිමත් විපක්ෂයක් අවශ්‍ය බව ඔවුන් පවසන නමුත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව වැරදි නොකරන නිසා ඔවුන්ගේ මඟ පෙන්වීම අවශ්‍ය නොවන බවත් ජනාධිපතිවරණයට පෙර ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් ඔවුන් පැවසූ සියල්ල බොරු බව මේ වන විට තහවුරු වී තිබෙන බවද ඔහු කියාසිටියා.

‘දැන් යන්තන් කෙඳිරි ගාලා කියනවා රටට විපක්ෂයක් තියෙන්න ඕනේ, ශක්තිමත් විපක්ෂයක් තියෙන්න ඕනේ කියල.ශක්තිමත් විපක්ෂයක් හදන්න ජන්දේ දෙන්නලු. රටට ඕනේ ශක්තිමත් විපක්ෂයක් නෙවෙයි ශක්තිමත් ආණ්ඩුක්. රට හදන්න. ඒ නිසා අපි හිතන්නේ ජනතාව හදන්න ඕනේ ශක්තිමත් ආණ්ඩුවක්. මේ දවස්වල තවත් මොකක්ද වෙනසක් කරලා කියනවා ඒගොල්ලන්ට විපක්ෂය භාරදෙන්නලු මොකටද කොහොමත් මාලිමාව ආණ්ඩුව හදනවා ඒ නිසා විපක්ෂය භාර දෙන්නලු මාලිමාවේ ආණ්ඩුවට මඟ පෙන්වන්න. පුදුම කට්ටිය අපට මඟ පෙන්වන්න. හොරකම් කරන්න මඟ පෙන්වයි අපිට ඕනේනම්. ආණ්ඩුවේ වැරදි පෙන්වා දෙන්න විපක්ෂයක් ඕනෙලු. අපි වැරදි කරන්නේ නැහැ.ඒ නිසා ඒගොල්ලෝ කලබල වෙන්න ඕනේ නෑ. දැන් ඒ නිසා ඔවුන්ට කියන්න සටන් පාඨයක් නැතුව ඉන්නේ. ඇයි ඒගොල්ලෝ ජන්දෙට කලින් කියපු ඔක්කොම බොරුවෙලා. ජනාධිපතිවරණයට කලින් සමඟි ජන බලවේගය,රනිල් වික්‍රමසිංහලා,පොහොට්ටුවේ කට්ටිය අපට විරුද්ධව මොනවද කිව්වේ.ගොඩක් දේවල් කිව්වා. ඒ ඔක්කොම දැන් අපි බොරු කරලා තියෙන්නේ. මාසෙන් බොරු කියල පෙන්නුවා. මාලිමාවට බලය දෙන්න එපා මේ ගොල්ලන්ට ආණ්ඩු කරන්න පුළුවන්කමක් නෑ. ජාත්‍යන්තර සහයෝගය අපට නැහැ කිව්වා. ඒක තියෙන්නේ රනිල්ට විතරයි කිව්වා ඉංග්‍රීසි පුළුවන් නිසා. දැන් ඒක බොරු වෙලා නැද්ද? ලංකා ඉතිහාසයේ ජාත්‍යන්තර සහයෝගය වැඩියෙන්ම හම්බුණ ආණ්ඩුව බවට අපේ ආණ්ඩුව පත්වෙලා තියෙනවා. ඊළඟට අපට ආධාර දෙන්නේ නැහැ කිව්වා. ඔය දෙන්නේ. ලෝක බැංකුව අපි ඉල්ලන්නෙත් නැතුව ඩොලර් මිලියන 200ක් දුන්නා සංවර්ධන වැඩට යොදාගන්න කියල. ඉන්දියාවේ ලංකාවේ ව්‍යාපෘති කිහිපයක් කරමින් හිටිය ඩොලර් මිලියන 400ක් විතර වටින.ණයට කරමින් හිටියේ. ඉන්දියාව අපිට කිව්වේ ඒ ණය එපා ආපහු තෑග්ගක් ලෙස තියාගන්න කියල. පහුගිය දවස්වල ගං වතුර ආව. චීන තානාපතිතුමා ඇවිල්ලා අනුර සහෝදරයා මුණ ගැහිලා අපිට ආධාරයක් කළා ගං වතුරෙන් පීඩාවට පත්වුණ අයට සහන දෙන්න කියල. ඇමරිකානු තානාපතිතුමිය කිව්වා ලඟදි දවසක ලංකාවේ වංචා දුෂණ නැති ආණ්ඩුවක් ඉස්සරහට යමින් තිබෙනවා ඒ නිසා ඒගොල්ලෝ ලෑස්තියි කියල ඇමරිකාවෙන් ආයෝජන විශාල ප්‍රමාණයක් ලංකාවට ගෙන්න. ඒ වගේම තමයි චීනය කිව්වා පාසැල ළමයින්ට රෙදි දෙනකොට ඒගොල්ලෝ කලින් 60%ක වගේ ප්‍රමාණයක දායකත්වයක් දුන්නා. මේ පාර ඒ සමස්ත රෙදි ප්‍රමාණය තෑග්ගක් ලෙස ලබා දෙනවා කියල කිව්වා. එහෙම තත්ත්වයක් දැන් තියෙන්නේ. කාටද කියන්නකෝ එහෙම ආධාර හම්බුණේ.

RECENT ARTICLES - SINHALA

ජනපතිට ඉහළ පරිපාලනය බොරු තොරතුරු දීලා – ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම...

උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට දැනුම්දීමක්

අ.පො.ස උසස් පෙළ 2024 විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව, පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර...

රත්වත්තේ දෙපළ යළි රිමාන්ඩ්

නීතිවිරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ හා ඔහුගේ බිරිඳ එළඹෙන 18 වනදා දක්වා...

POPULAR ARTICLES

රත්තරන් මිලේ දැවැන්ත වෙනසක්

මැදපෙරදිග යුද තත්ත්වය උත්සන්න වීම මධ්‍යයේ ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාම නිසා මෙරට රන් මිල ද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ...

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නොවැම්බර් මාසය සඳහා නොවෙනස්ව පවතින බව එහි සභාපති වන්න ගුණවර්ධන පවසනවා. 2024 නොවැම්බර් මාසයට අදාලව දැනට පවතින මිළ ගණන් එලෙසම...

හිටපු රේගු නිලධාරීන් සිව් දෙනෙක්ට වසර 35ක සිර දඬුවම්

ශ්‍රී ලංකා රේගුවේ හිටපු නිලධාරීන් හතර දෙනෙකුට කොළඹ මහාධිකරණය අද (06) බරපතළ වැඩ සහිත වසර 35 බැගින් සිර දඬුවම් නියම කර තිබෙනවා. ඒ, 2015 වසරේදී...