වත්මන් රජයේ නායකයන් ජනතාවට ආදරය කරන පිරිසක් බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාදු මහතා පවසනවා.
ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) පස්වරුවේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ ජනරැලි මාලාවේ “පළමු පොදුජන රැලිය” අමතමින්.
කොවිඩ් වසංගතය උග්‍රව පවතින අවස්ථාවක ජනතාවට පාරට නොබැස්සවීමේ හේතුව එය බවයි ඔහු පවසන්නේ.
එමෙන්ම විපක්ෂයේ විවේචන මධ්‍යයේ වුවද එන්නතකරණය සාර්ථක කරගනිමින් ජනතාවට සහන සැලසීමට කටයුතු කළ බවත් ඔහු පවසනවා.
කොවිඩ් වසංගතය උග්‍රව පවතින අවස්ථාවක ජනතාවට පාරට නොබැස්සවූ බව අමාත්‍යවරයා පැවසුවද රටේ කොවිඩ් තත්වය තීරණාත්මක අවස්ථාවක ඇති බවයි සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ. එමෙන්ම ඊයේ දිනයේදීත් වාර්තාගත කොවිඩ් මරණ සංඛ්‍යාවක් තහවුරු කළ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පැවසුවා.