වත්මන් රජයේ ඡන්ද පදනම නොසෙල්වී ඇති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.
ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පස්වරුවේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ ජනරැලි මාලාවේ “පළමු පොදුජන රැලිය” අමතමින්.
2015 ජනාධිපතිවරණයේදී පවා රජරට ජනතාව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ඡන්දය පල කළ බවත් අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයට රැස්ව සිටි ජනකාය දෙස බැලූ කල එම ඡන්ද පදනම නොවෙනස්ව ඇති බව තමන්ට පෙනී යන බවත් අමාත්‍යවරයා පවසනවා.
සාමාන්‍යය ක්‍රමවේදය වන්නේ ව්‍යාපෘති විවෘත කිරීම සඳහා ගමට යාම වුවද වත්මන් රජයට අවශ්‍ය නම් රැලි පැවැත්වීමටද හැකි බව පෙන්වීමට මෙවැනි රැලියක් ප්‍රතම වතාවට සංවිධානය කළ බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.