තංගල්ල, කුඩාවැල්ල ධීවර වරායට ඇතුළු වන දොරටුව ආසන්නයේ තිබූ රථයක තිබී බර කිලෝග්‍රෑම් 65 ග්‍රෑම් 720 ක් වන අයිස් මත් ද්‍රව්‍ය තොගයක්, බර කිලෝග්‍රෑම් 52 ග්‍රෑම් 280 ක් වන හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රථ වාහන රාජකාරි නිරතව සිටි තංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් දෙදෙනෙක් ඊයේ (13) අළුයම 01 ට පමණ සිදුකල අහඹු ලොරි රථ පරීක්ෂාවකින් මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන තිබුණා.
ලොරි රථයේ පොහොර උර 07 ක පමණ අඩංගුව තිබූ හෙරොයින් පැකට් 49 ක මෙම මත්ද්‍රව්‍ය තොගය තිබී ඇති අතර මෙම ලොරි රථයේ රියදුරු සහ සහයක සැටලයිට් දුරකථන 02ක් සහ මත් ද්‍රව්‍ය සහ සමග අත් අත්අඩංගුවට ගෙන තංගල්ල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බව පොලීසිය පවසනවා.
සිද්ධියට සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තංගල්ල පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.