මෙම වසර තුළ මෙරට ඩෙංගු රෝගීන් 70,000 ඉක්මවා වාර්තාවී තිබෙන බවට වාර්තා වනවා.
පසුගිය මාසයේ පමණක් රෝගීන් 2,300කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළා.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී තිබෙනවා.
මීට අමතරව ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල, හම්බන්තොට, මාතර, මන්නාරම ආදී දිස්ත්‍රික්කවලින්ද බහුල වශයෙන් රෝගීන් වාර්තාවී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළා.