ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා අනුරාධපුරයේදී පඩුකරද ශාඛයක් සිටුවා තිබෙනවා.
ඒ කැබිනට් අනුමැතියෙන් හිටිහැටියේ කපාදැමූ ගම්පහ – දාරළුව පඩුකරද ගසට හිලව්වීම සඳහායි.
ඒ අනුව අනුරාධපුර සිට යාපනය බලා දිවෙන යාල්දේවී දුම්රිය ගමන යලි ආරම්භ කිරීම සිහිවීම පිණිස පසුගිය 13 වැනිදා අනුරාධපුර දුම්රිය ස්ථානයේදී මෙම පඩුකරඳ ශාඛය සිටවූ බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනාමධ්‍ය අමාත්‍යංශය නිවේදනය කරනවා.
එම අමාත්‍යංශය සදහන් කරන්නේ මීට අමතරව කිලිනොච්චිය සහ යාපනය දුම්රිය ස්ථානවලද අමාත්‍යවරයා විසින් “පඬු කරඳ” ශාක රෝපණය කරන ලද බවයි.
මෙම අවස්ථාවේදී අමාත්‍යවරයා බැරි බැරි ගාතේ පඩුකරද ශාඛය සිටුවන ආකාරය දැක්වෙන ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.