යුක්රේන විදේශ ඇමතිගේ ඉල්ලීමෙන් පසු දැන් කියෙව් වෙත එරටට ආයුධ සැපයීමට නව සැලැස්මක් ක්‍රියාත්මක කර ඇත.
ඒ සඳහා පාකිස්ථානය ගල්ෆ් රටක් වෙත යොමු වී තිබේ.
මිලිමීටර් 25 උණ්ඩ කන්ටේනර් 150ක් පෝලන්තය හරහා යුක්රේනයට යැවීමට පාකිස්තානයේ සැලසුමයි.
මීට පෙර යුක්රේනයේ විදේශ අමාත්‍යවරයාගේ ඉස්ලාමාබාද් සංචාරයේදී පාකිස්තාන රජය කියා සිටියේ තමන් යුක්රේනයට කිසිදු ආයුධයක් ලබා නොදෙන බවයි.
පකිස්ථානය යුක්රේනයට ආයුධ ලබා දෙන්නේ රුසියාවට එරෙහිව සටන් කරන සෙලෙන්ස්කිගේ හමුදාවට පතොරම් හිඟයක් ඇති බවට වාර්තා වී ඇති අවස්ථාවක ය.
පකිස්ථානයේ නැව් සමාගමක් වන M/s Project Shipping විසින් එක්සත් ජනපද ධජය සහිත යාත්‍රා හඳුනා ගැනීම සඳහා ගල්ෆ් රටවල නැව් සමාගම් සම්බන්ධ කර ගෙන ඇත.
මෙම වෙඩි උණ්ඩ පිරවූ කන්ටේනරය පකිස්ථානයේ කරච්චි වරායේ සිට පෝලන්තයේ Gdansk වරාය දක්වා ගමන් කරනු ඇත.
පාකිස්ථානයේ යෝජනාවට ගල්ෆ් රටෙන් කිසිදු සමාගමක් එකඟ වී ඇත්ද යන්න තවමත් පැහැදිලි නැත.
එක් පසෙකින් පාකිස්ථානය යුක්රේනයට අවි සපයමින් දිගින් දිගටම මුදල් උපයයි.
ඒ අතරතුර රුසියාවෙන් තෙල් සහ තිරිඟු මිලට ගෙන ඇත.
පසුගියදා රුසියාවද මේ පිළිබඳව අප්‍රසාදය පළ කර තිබුණි.