26.9 C
Colombo
Friday, March 14, 2025

පාකිස්තානයේ කරච්චි ලොව ජීවත් වීමට නුසුදුසු නගර පහ අතරට

- Advertisement -

Economist Intelligence Unit (EIU) ප්‍රකාශයට පත් කරන ලද Global Livability Index 2023 හි, කරච්චි, නගර 173 කින් 169 වැනි ස්ථානයට පත්ව ඇත.

ලාගෝස්, ඇල්ජරීස්, ට්‍රිපෝලි සහ දමස්කස් පමණක් කරච්චියට වඩා පහළින් ශ්‍රේණිගතව සිටී.

මෙම දර්ශකය ලොව පුරා නගරවල පශ්චාත්-COVID ප්‍රතිසාධනය කෙරෙහි අවධානය යොමු කරන අතර, Dawn ට අනුව, ස්ථාවරත්වය, සෞඛ්‍ය සේවා, සංස්කෘතිය සහ පරිසරය, අධ්‍යාපනය සහ යටිතල පහසුකම් ඇතුළු කාණ්ඩ පහක් මත පදනම්ව ජීවන තත්වයන් ශ්‍රේණිගත කරයි.

1-100 පරාසය තුළ ජීවත්වීමේ සාධකය ඇගයීමට ලකුණු සම්පාදනය කර විනිශ්චය කරනු ලබන අතර කරච්චි සඳහා හිමිව ඇති ලකුණු ප්‍රමාණය 42.5කි.

EIU දර්ශකයේ 2019 දී, කරච්චි ශ්‍රේණිගත නගර 140න් 136 වැනි ස්ථානයේ පසු වූ අතර 2020 දී වාර්තාව ප්‍රකාශයට පත් නොකළේය.

2022 දී එය නගර 140ක් අතුරින් 134 වැනි ස්ථානයේ පසු විය.

ඔස්ට්‍රියාවේ වියානා අගනුවර පිට පිටම දෙවන වසරටත් ලැයිස්තුවේ ඉහළින්ම සිටී.

RECENT ARTICLES - SINHALA

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...

සහල් වලට පැන වූ පාලන මිල වෙනස් කර නැහැ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස් කර හෝ ඉවත් කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ...

POPULAR ARTICLES

වැලිවේරියේ වෙඩිතැබීමක්

වැලිවේරිය අරලිය ගහ හන්දිය ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.