27 C
Colombo
Friday, November 1, 2024

වසර 30කට පසු විවෘත කෙරුණු පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර්ගය

- Advertisement -

දශක තුනකට පසු පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර්ගය  විවෘත කර තිබෙනවා.

වසර තිහක් පුරාවට පැවති යුද තත්ත්වය හේතුවන් මෙම ප්‍රධාන මාර්ගය වසා දමා තිබූ අතර යුද්ධය අවසන් වී වසර 15කට වැඩි කාලයක් ගතවී ඇතත් මාර්ගය මෙතෙක් මහ ජනතාවට විවෘත වුණේ නැහැ.

කෙසේවෙතත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (01) මෙම මාර්ගය විවෘත කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙම මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් ජනතාව විසින් නිරන්තර ඉල්ලීම් සිදු කළ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ආණ්ඩුකාරවරුන් අතර පසුගිය ඔක්තෝබර් 22වෙනිදා පැවති සාකච්ඡාවේදී උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම්  මහතා ද ජනාධිපතිවරයාගෙන් මේ පිළිබඳ ඉල්ලීමක් සිදු කර තිබුණා.

ඒ අනුව මෙම මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳ සොයා බලා අදාළ කටයුතු සිදු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්ෂක අංශවලට දැනුම් දුන්නා.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ හා ආරක්ෂක ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් මෙම මාර්ගය විවෘත කිරිමට පියවර ගැනුණා.

RECENT ARTICLES - SINHALA

පාස්පෝර්ට් නිකුත් කිරිම ගැන දැනුම් දීමක්

දෙසැම්බර් මස මුල සිට විදේශ ගමන්බලපත්‍ර නිකුත්කිරීම වේගවත් කිරීමට හැකිවනු ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එම දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරියේදී හිස්ගමන්...

ආහාර විෂ වී පාසල් සිසුන් 13ක් රෝහලට

අරණායක දිප්පිටියේ විදුහලක හයවෙනි වසරේ ඉගනුම ලබන සිසුන් පිරිසක් ආහාර විෂ වීමකින් රෝහල් ගත කර තිබෙනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ හයවෙනි වසර ඉගෙනුම ලබන...

කොළඹ – බදුල්ල මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට දැනුම්දීමක්

පවතින වර්ෂාවත් සමඟ කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ කල්පනාකාරීව රිය පදවන ලෙස බලංගොඩ පොලිසිය රියදුරන්ට දැනුම් දෙනවා . පොලීසිය පවසන්නේ බලන්ගොඩ බෙලිහුල්ඔය සහ ඕපනායක අතර...

POPULAR ARTICLES

2024 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනය ගැන දැනුම් දිමක්

ලබන වසරේ නියමිත දින ගණනට පාසල් පැවැත්වීමේ හැකියාව නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ ලබන වසරේ යෙදෙන රජයේ නිවාඩු දිනයන් හා පාසල් වර්ෂය ජනවාරි...

ඇල්පිටියෙන් හමු වූ රු මිලියන 50ක අම්බර්

ශ්‍රී ලංකාව අවට ගැඹුරු මුහුදේ වෙසෙන තල්මසුන් මරා ඔවුන්ගේ තල්ලෙන් ලබා ගන්නා අම්බර් තොගයක් රුපියල් මිලියන 50ක මුදලකට විකිණීමට උත්සාහ කළ සැකකරුවන් පිරිසක් ඇල්පිටිය...

පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඔයා අබාන්ස් එකේද? – රනිල්

පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයින් තේරිම ජනතාවට අයිති වැඩක් බවත්, පාර්ලිමේන්තු සුද්ද කරනවා යනුවෙන් තර්ජනය කිරීම අගමැතිනියට යුතු නොවන බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මහනුවරදී...