පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය වසාදැමීම හේතුවෙන් තමන් ආර්ථික ගැටලු රැසකට මුහුණ දී ඇති බව පවසමින් පෑලියගොඩ,මීගහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් අද (05) විරෝධතාවක නිරතවී ඇත.
මෙම විරෝධතාවයට කුඩා දරුවන් එක්ව ඇති බව වාර්තා වන අතර පෑලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා පැමිණ රුපියල් 5000 දීමනාව ලබාදෙන බවට පොරොන්දුවීමෙන් පසුව විරෝධතාවය අවසන් කර ඇත.