පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටුවීමක් නැවත සිදුනොවන බව ත් මේ වන විට පරාටේ නීතිය ක්‍රියාත්මක වන බව ත් මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඊයේ (08) පාර්ලිමේන්තුවේදී පැවසුවා.
පසුගිය 2019.01.01 දින සිට 2023-12-31 දක්වා බලපත්‍රලාභී බැංකු මගින් පරාටේ නීතිය යටතේ අවස්ථා 2263කදී රුපියල් බිලියන 113.7ක ණය ආපසු අයකර ගැනීමට කටයුතු කර ඇති බවද හර්ෂණ සූරියප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.
පසුගිය 2024-12-31 දිනට බැංකු අංශයේ මුළු අක්‍රීය ණය ප්‍රමාණය අදියර 3ක් ලෙස වර්ගීකරණය කර ඇති අතර එම ණය ප්‍රමාණය රුපියල් බිලියන 1380ක් බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියා.