26 C
Colombo
Monday, December 30, 2024

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුව ගැන කියන්න දෙමව්පියන් CIDයට

- Advertisement -

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන්ගේ දෙමාපියන් පිරිසක් නියෝජනය කරන ශිෂ්‍යත්ව විභාගයෙන් අගතියට පත් ගුරු දෙගුරු සංසදයේ සාමාජිකයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද කැදවා තිබෙනවා.

ඒ ඔවුන් සතුව පවතින සාක්ෂි ලබා ගැනීම සඳහායි. ඔවුන් ඊයේ මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ද කැදවා තිබෙනවා.

ඒ, මත භේදයකට තුඩු දී ඇති ශිෂ්‍යත්ව විභාග ගැටලුව සම්බන්ධයෙන් සිදු කරමින් පවතින පරීක්ෂණ වල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවකටයි.

ඊට මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ද එක්ව සිටියා.

මීට පෙර ද දෙමාපියන් පිරිසක් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එම කොමිසමට පැමිණිලි කර තිබෙනවා.

සාකච්ඡාවට එක් වූ ශිෂ්‍යත්ව විභාගයෙන් අගතියට පත් ගුරු දෙගුරු සංසදයේ නියෝජිතයින් ප්‍රකාශ කළේ අද අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුව වෙත සාක්ෂි ඉදිරිපත් කරන බවයි.

මේ අතර, ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට තාවකාලිකව අත්හිටු වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක බලධාරින්ට ඊයේ උපදෙස් ලබා දුන්නා.

ඒ ජනාධිපතිවරයා සහ දෙමාපියන් පිරිසක් අතර පෙරේදා පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසයි.

RECENT ARTICLES - SINHALA

ගල් කොරියෙන් කෝටි 4ක පාඩුවක්

රටේ බොහෝ ප්‍රදේශවල ගල් කොරි හිමියන්ගෙන් හිඟ මුදල් අය කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් රජයට රුපියල් හාර කෝටි හැට නව ලක්ෂයකට වැඩි මුදලක්...

බදුල්ල බස් අනතුරින් තුවාල ලැබු තවත් සිසුවෙක් මරුට

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් රැගත් බස් රථයක් පෙරළීමෙන් ඉකුත්දා සිදුවූ අනතුරෙන් තුවාල ලබා රෝහල්ගතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්...

මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් මානව හිමිකම් කොමිසමට කැඳවලා

මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් හට සරණාගතයන් හමුවීමට යෑමට ඉඩ නොදීම පිළිබඳව කරුණු විමසීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු පිරිසක් හෙට (31) උදෑසන...

POPULAR ARTICLES