26 C
Colombo
Sunday, January 5, 2025

අර්බුදය මැද පාර්ලිමේන්තුව දවස් 8ට කෝටි 7ක් වියදම් කරලා..!

- Advertisement -

රටේ අර්බුදය නිර්මාණයවීමෙන් පසු පාලිමේන්තුව අවස්ථා අටක් මේ දක්වා රැස්වී ඇති අතර එම රැස්වීම් සඳහා වැය කර ඇති මුදල රුපියල් හත් කෝටි තිස් හය ලක්ෂයක් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.

පසුගිය 5, 6, 7,8 ,19,20,21 සහ 22 යන දිනවලදී මේ රැස්වීම් පැවති නමුත් එම රැස්වීම් අටෙන්ම රටේ අර්බුදයට නිශ්චිත විසඳුමක් ඉදිරිපත්ව නොවීය.

රටේ අර්බුදය සම්බන්ධයෙන් දින කිහිපයක විවාදයක් ද පාර්ලිමේන්තුවේදී එම කාලයේදී පැවැත්විණ.

පාර්ලිමේන්තුව එක් දිනක් රැස්වීම සඳහා වැය වන සමස්ත පිරිවැය රුපියල් ලක්ෂ 92ක් පමණ වන අතර අදාල අගය ගණනය කර ඇත්තේ මන්ත්‍රීවරුන්ගේ සහ සේවකයන්ගේ පඩි නඩි, දීමනා, විදුලිය, ජලය, ඉන්ධන, ප්‍රවාහන පහසුකම් ආහාර පාන, ලිපි ද්‍රව්‍ය සැපයීම යනාදී සියලු කටයුතු සියල්ල තක්සේරු කිරීමෙනි.

පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනක පාර්ලිමේන්තුවේ දිනෙක වියදම දළ වශයෙන් රුපියල් ලක්ෂ අසූ හතක් පමණ වන බවට ගණන් බලා ඇත.

RECENT ARTICLES - SINHALA

නලින්දගේ කතාව ගැන කතරගම දේවාලයෙන් ප්‍රකාශයක්

මහරගම අපේක්ෂා රෝහලේ නව ළමා වාට්ටු සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයේදී සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සිදුකළ ප්‍රකාශයේ කිසිදු ගැටලුවක් නොමැති බව කතරගම දේවාලයේ බස්නායක නිළමේ...

සමනල රක්ෂිතයේ කුඩාරම් ගැසූ 8 දෙනෙක් අත්අඩංගුවට

මස්කෙළිය ගවරවිල සමනල ස්වභාව රක්ෂිතයට ඇතුළු වී අනවසරයෙන් තාවකාලික කුඩාරම් ගැසූ පිරිසක් අද (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුද්ගලයින් 8 දෙනෙකු නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ නිලධාරින් විසින්...

කැබ්රථයක් ප්‍රපාතයට පෙරළී තුනක් රෝහලට

බණ්ඩාරවෙල දියතලාව මාර්ගයේ අබතැන්න වත්ත ප්‍රදේශයේ දී අද (05) පස්වරුවේ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරලීයාමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරින්...

POPULAR ARTICLES