28.1 C
Colombo
Friday, November 29, 2024

මට ඉන්න අප්‍රසන්නම තැන පාර්ලිමේන්තුව..! – අලි සබ්රි

- Advertisement -

තමන්ට ඉන්න අප්‍රසන්නම තැන පාර්ලිමේන්තුව බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.

ඒ, මහවැලි කේන්ද්‍රයේ පැවති බන්ධනාගාර රැඳවියන්ගේ කාව්‍ය නිර්මාණ ඇතුළත් සිපිරිගේ පාමුල 2 කාව්‍ය සංග්‍රහය දොරට වැඩීමේ උත්සවයට එක් වෙමින්.

ජනතාව අසන්නට අකමැතිම අප්‍රසන්න කතා ඇත්තේ දේශපාලකයන්ට බවයි ඔහු සිය කතාව ආරම්භ කරමින් පැවසුවේ.

කතාවක් යම් කිසි අරමුණක් සහිතව එකී විෂයට අදාළව කළ යුතු බව පැවසූ ඔහු එසේ නොවන කතා හඳුනාගැනීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස සභාවට ආරාධනා කර සිටියා.

රටේ ඇති වි තිබෙන තත්ත්වය ගැන කණගාටුවන බවත් එය වසර හැත්තෑවක් තිස්සේ දේශපාලනය විසින් වැපිරූ දෑ හි ප්‍රතිඵලයක් බවත් ොහු පෙන්වා දෙනවා. නමුත් ඇති වී තිබෙන තත්ත්වය අනුව සමාජය යම් අපේක්ෂා භංඝත්වයකට පත්විමේ අවදානමක් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා එය ඉතාමත් නරක තත්ත්වයක් බව‍යි පවසන්නේ. කෙසේ නමුත්, එවැනි වට පිටාවක, බන්ධනාගාර ගතව සිටින ප්‍රජාව යම් අපේක්ෂාවක් සහිතව වැඩ කරන තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා බන්ධනාගාර නිලධාරීන්ට සිය ස්තූතිය ප්‍රකාශ කර සිටියා.

බන්ධනාගාර ගත කිරීමේදි මෙන්ම බන්ධනාගාර ගත කිරිමේන් පසුවට සිඳුවන යම් නීතිමය තත්ත්වයන් ද වෙනස් විය යුතු බව පෙන්වා දුන් අලි සබ්රි මහතා ඒවා වෙනස් කිරීමට කුමන අභියෝග මත වුව තමන් කැපවෙන බවද ප්‍රකාශ කරනු ලැබුවා.

යම් යම් රටවල් කඩා වැටි අවස්ථාවල නැවත නැඟී සිටි ආකාරය සිහිපත් කරමින් උදාහරණ දැක් වූ අලි සබ්රි අමාත්‍යවරයා දකුණු කොරියාව නැවත නඟා සිටුවන්න එරට ජනතාව සිය රන් ආභරණ පවා මහා බැංකුවට පරිත්‍යාග කළ බව පෙන්වා දුන් අතර තමා එය උදාහරණයක් ලෙස සිහිපත් කළත් තමා එසේ නොකරන බව ද ජනතාවට එසේ කරන්නට නොකියන බව ද පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

කමල් ගුණරත්නට නීතිපතිත් නැහැ

සිය වැඩතහනම් කිරීමට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු පොලිස්පති...

උද්ධමනය තවත් පහළට

2024 නොවැම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය  ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව  කොළඹ නාගරික ප්‍රජාවගේ...

Breaking : පුද්ගලයින් හයකට මරණ දඬුවම

2016 වසරේ නාරාහේන්පිට ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය නිවසක දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙක් මරා දමා තවත් පිරිසකට තුවාල සිදුකිරීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන්...

POPULAR ARTICLES

කමල් ගුණරත්නට නීතිපතිත් නැහැ

සිය වැඩතහනම් කිරීමට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු පොලිස්පති...

උද්ධමනය තවත් පහළට

2024 නොවැම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය  ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව  කොළඹ නාගරික ප්‍රජාවගේ...

දඹුල්ලේ එළවලු හිඟයක්

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය 60%කින් පහත වැටී තිබෙන අතර  එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන්ගේත් සැලකිලිය  යුතු මට්ටමෙන්  අඩුවක් දක්නට ලැබෙන බවත් එළවළු...