පාර්ලිමේන්තුව අද (21) සිට 24 වැනිදා දක්වා රැස්වීමට නියමිතයි.
ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.
අද පෙරවරු 9.30 සිට පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22 හි සඳහන් 1 සිට 6 දක්වා පාර්ලිමේන්තු කටයුතු වෙන්කර තිබෙනවා.
පෙරවරු 10.00 – පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර, පෙරවරු 11.00 – පෙ.ව 11.30 කාලය ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා.
ඒ අනුව අද සිට ලබන සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව රැස්වනු ඇති.
පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය සඳහන් කළේ, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අද සහ හෙට පැවැත් වෙන බවයි.
ලබන බ්‍රහස්පතින්දා ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත, වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බදු පනත යටතේ පළ කළ නියෝග විවාදයට ගැණෙනු ඇති.
සිකුරාදා සම්පූර්ණ දිනය වෙන්ව ඇත්තේ, අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ශෝක ප්‍රකාශ යෝජනා පළ කිරීම සඳහායි.