27 C
Colombo
Wednesday, November 20, 2024

පාර්ලිමේන්තු තොරතුරු කවුලුව සාර්ථකයි

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට අවශ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් නොවැම්බර් 19 සහ 20 දෙදින පැවති පාර්ලිමේන්තු තොරතුරු කවුළුව සාර්ථකව අවසන් වුණ බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය නිවේදනය කරනවා.

පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ තොරතුරු ලබා ගැනීම මාර්ගගත ක්‍රමයට සිදු කෙරුණු බවයි.

දසවැනි පාර්ලිමේන්තුවේ, පළමු වැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරවනු පිණිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තොරතුරු කවුළුව සංවිධානය කෙරුණා

මෙම අවස්ථාවට පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරියන් ඇතුළුව මන්ත්‍රීවරයන් 200කට වැඩි පිරිසක් එක් වූ බවත් වාර්තා වනවා.

එහිදී සියලුම මන්ත්‍රීවරයන්ට ප්‍රයෝජනවත් වන තොරතුරු සහ ලිපිලේඛන සැපයීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ හැඳුනුම්පත සඳහා ඡායාරූප ලබා ගැනීම සහ විද්‍යුත් ඡන්ද විමසීමේ කටයුතුවලට අදාළව ඇඟිලි සළකුණු ලබා ගැනීම ඇතුළු කටයුතු සිදු කෙරුණු බවයි වාර්තා වන්නේ.

මේ අතර දසවැනි පාර්ලිමේන්තුවේ, පළමු වැනි සභා වාරයේ පළමු වැනි රැස්වීම පැවැත්වීමට අදාළව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තොරතුරු ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු වෙබ් අඩවිය හරහා මාර්ගගත ක්‍රමය ඔස්සේ (Online) අදාළ තොරතුරු ඇතුළත් කිරීමේ පහසුකම ද මෙවර සලසා දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

නාමල්ට ආයෙත් රණවිරු ගාය ඇවිත්

උතුරු පළාතේ හමුදා කඳවුරක් මෑතකදී ඉවත්කර ගැනීම පිළිබඳ තොරතුරු වාර්තා වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය...

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ගැටලුව

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර හිමිවු පක්ෂ කිහිපයක් තවමත් ඊට අදාළ මන්ත්‍රීවරුන්ගේ නම් එවා නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අදාළ පක්ෂ ලේකම්වරුන්...

උසස් පෙළ විභාගයේ වෙනසක් නැහැ

2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගය සැලසුම්කළ ලෙස නොවැම්බර් මස 25වනදා ආරම්භ කරන බව නිවේදනයක් නිකුත්කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එම නිවේදනයේ...

POPULAR ARTICLES