පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය රැගත් ලංගම බස්රථයක් පාර්ලිමේන්තු පොකුණට පෙරළී තිබෙනවා.
පැවති අධික වර්ෂාව හේතුවෙන් අද පස්වරු 6.00 ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරින් එහි ගමන් ගත් පිරිසට සුළු තුවාල සිදුවී තිබුණා. මෙම බස්රථය තලංගම ඩිපෝවට අයත් බස් රථයක් වන අතර රාත්‍රී 7.30 ට පමණ තලංගම ඩිපෝවට අයත් ආපදා රථයක් පැමිණ එය ඉවත් කිරීමට කටයුතු කළා.




