24 C
Colombo
Monday, March 17, 2025

ගුවන් සේවිකාවන් දෙදෙනෙක්ට ලිංගික හිරිහැර කළ මගියෙක් අත්අඩංගුවට 

- Advertisement -

සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සේවය කරමින් සිටි ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට ලිංගික අඩත්තේට්ටම් සිදු කිරීමට තැත්කළ මගියෙකු ගුවන් තොටුපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙක්.

සැකකරු ඊයේ (15) දින රාත්‍රී 10.00ට සිංගප්පුරුවේ සිට ශ්‍රී ලංන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එසේ පැමිණෙන අතරවාරයේදී අධික ලෙස බීමත්ව එම ගුවන් යානයේ සේවය කළ ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට ලිංගික අඩත්තේට්ටම් කිරීමට සැකකරු උත්සාහා දරා තිබෙනවා.

ඒ අනුව, මෙම සිදුවීම සම්බන්දව ගුවන් සේවිකාවන් දෙදෙනා ගුවන් යානයේ නියමුවා වෙත වාර්තා කිරීමෙන් අනතුරුව ඔහු පිළිබඳව කටුනායක ගුවන් තොටුපොළ පාලක මැදිරි මධ්‍යස්ථානය දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණා.

එහිදි ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමෙන් අනතුරුව ශ්‍රී ලංකන් ගුනන් සේවයේ ආරක්ෂක නිලධාරීන් මොහු අත්අඩංගුවට ගෙන කටුනායක පොලීසිය වෙත රැගෙන විත් භාර දි තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධව ගුවන් සේවිකාවන් දෙදෙනාගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර අදාළ ගුවන් මගියා මීගමුව අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර අධික ලෙස බීමත්ව සිටින බවටද තහවුරු කරගෙන තිබෙනවා.

මෙම සිදුවීම ශ්‍රී ලංකා ගුවන් අවකාශය තුළ සිදුවී ඇති බැවින් සැකකරු සම්බන්ධව අද (16) කොළඹ අංක 01 මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටද නියමිතයි.

RECENT ARTICLES - SINHALA

නැංගුරම් ලා තිබූ බෝට්ටු 02ක් ගිනි අරන්

දික්වැල්ල, නිල්වැල්ල ධීවර වරායේ සිට මීටර් 200 ක් දුරින් නැංගුරම් ලා තිබූ බහුදින බෝට්ටු 02 ක් අද (17) අළුයම ගිනි ගෙන තිබෙනවා. මේ වන විට...

හවස වහිනවා

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ...

මිදිගම වෙඩි තැබිමක්

මිදිගම පාතේගම ප්‍රදේශයේ පිහිටි නිවසකට අද (17) අලුයම් කාලයේ වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා. වෙඩි තැබීමෙන් නිවසේ ඉදිරිපස ජනේලයකට සහ බිත්තියට වෙඩි පහරවල් කිහිපයක් වැදී ඇති...

POPULAR ARTICLES