උපයන විට ගෙවීමේ බද්ද (PAYE Tax) හි අනිවාර්යය සංශෝධනයක් ඉදිරි අයවැය මඟින් සිදුකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
එය යහපත් සංශෝධනයක් වනු ඇති බවයි ඔහු පවසන්නේ.
එමෙන්ම ඇතැම් භාණ්ඩ කිහිපයක වැට් බදු ඉවත් කිරීමටත්, ඉලක්ක සහගත පිරිසකට සහනාධාර ලබාදීමටත් ඉදිරි අයවැය තුළින් කටයුතු කරන බව ජනාධිපතිවරයා පවසනවා.
ඊයේ (06) පැවති රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
එමෙන්ම ඔවුන්ගේ සැලසුම් අනුව PAYE Tax අයකරන වැටුප් තලයන්හි අඩු වැටුප් තලයන් වල සිටින අයට වැඩි සහනයක් ලැබෙනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පවසා සිටියා.