27.2 C
Colombo
Saturday, November 16, 2024

අසූචි පොහොර නැවට මුදල් ගෙවීම අද – මහජන බැංකුව

- Advertisement -

ආන්දෝලනාත්මක චීන පොහොර නෞකාව අයත් සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 6.9ක මුදලක් අද (07) දිනයේ ගෙවීමට මහජන බැංකුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව මහජන බැංකුව සදහන් කරන්නේ කොළඹ වාණිජ මහාධිකරණය මගින් පනවා තිබූ වාරණ නියෝගය ඉවත් කිරිම හේතුවෙන් අදාළ නෞකාව අයත් සමගමට එම මුදල ගෙවීමට තීරණය කළ බවයි.

පොහොර නෞකාව මෙරටට භාර නොගත්ත ද ප්‍රමිතියෙන් යුත් පොහොර නැවත ලබාදෙන බවට දෙපාර්ශවය අතර එකඟතාවයකට පැමිණි බව අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර තිබුණා.

චීන පොහොර තොගයේ අහිතකර බැක්ටීරියා ඇතැයි ජාතික ශාක නිරෝධායන සේවය මුලින්ම හෙළි කළේ, පසුගිය වසරේ සැප්තැම්බර් 9 වන දිනයි.

චීන සමාගම සහ මෙරට පාර්ශ්ව අතර හුවමාරු වූ මේ ලිපි අනුව අදාළ පොහොර තොගය සඳහා ණයවර ලිපි විවෘත කර ඇත්තේ සැප්තැම්බර් 17 වැනිදායි. මේ අනුව, ශාක නිරෝධායන සේවය අහිතකර බැක්ටීරියා හඳුනා ගැනීමෙන් පසුව මෙම පොහොර තොගය සඳහා ණයවර ලිපි විවෘත කිරීම ප්‍රශ්න සහගත වුණා.

ඒ අතර වාරයේ සැප්තැම්බර් 12 වනදා චීන සමාගම මෙරට බලධාරීන්ට ලිපියක් යොමුකර තිබුණා.

එම ලිපියෙන් ඔවුන් දැනුම්දී තිබුණේ, ශ්‍රී ලංකාව සඳහන් කරන ප්‍රමිතියට කිසිවෙකුට කාබනික පොහොර සැපයිය නොහැකි අතර අවශ්‍ය නම් බැක්ටීරියා කිහිපයක ප්‍රමාණය තවදුරටත් අඩුකළ හැකි බවයි.

එයට අකමැති නම් සාමකාමීව තමන් තැන්පත්කර ඇති කාර්යක්ෂමතා බැඳුම්කරය ආපසු ලබා ගෙන ගනුදෙනුවෙන් ඉවත්වීමට ද චීන සමාගම කැමැත්ත පළ කර තිබුණා.

කෙසේ වෙතත් දෙවන වතාවටත් හිපෝ ස්පිරිට් නෞකාවේ ඇති පොහොර තොගයේ උපද්‍රවකාරී ක්ෂුද්‍ර ජීවින් ඇති බවට තහවුරු වුණා.

එවන් පොහොර තොගයක් සඳහා චීනය සමඟ ඇති හොඳ හිත පළුදු කර නොගැනීමට අද මෙරට රජය මුදල් ගෙවීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

නව පාලනයට උපරිම සහාය දෙනවා – සජිත්

මෙරට ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව පාලනයට ලබා දිය හැකි උපරිම සහාය ලබා දීමට සූදානම්...

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරවලට නම් කළ හැකි අය ගැන පැහැදිලි කිරීමක්

මැතිවරණයට තරග කළ පැරදුණු අපේක්ෂකයින් හෝ ජාතික ලැයිස්තුවෙන් හැර වෙනත් පුද්ගලයින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් කිරීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල්...

ඡන්දෙන් තේරුණු මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කෙරේ

2024 පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. 2024 පාර්ලිමේන්තු මැතිවරණය පසුගියදා (14) පැවැත්වුණා. ඒ අනුව, මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම...

POPULAR ARTICLES