ජනාධිපති ලේකම් තනතුරින් ඉවත් වූ පී.බී. ජයසුන්දර මහතා වෙනුවෙන් අද (14) දින ජනාධිපති කාර්යාලයේදී උත්සවයක් පවත්වා තිබෙනවා.
ජයසුන්දර මහතා පසුගියදා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත බාර දුන් අතර ඔහු අද ජනාධිපති ලේකම්වරයා ලෙස සේවයට වාර්තා කළේ අවසන් වරටයි.
ජනාධිපති ලේකම් ධුරයෙන් සමු ගන්නා පී.බී. ජයසුන්දර මහතා වෙනත් ප්‍රබල තනතුරක් සඳහා පත් කිරීමට නියමිත බවද පසුගියදා වාර්තා වී තිබූ නමුත් නැවත කිසිදු තනතුරක් බාර ගැනීමට තමාගේ අදහසක් නොමැති බව ඔහු සිය හිතවතුන්ට සඳහන් කර ඇති බවයි පැවසෙන්නේ.
නව ජනාධිපතිලේකම්වරයා ලෙස ගාමිණී සෙනරත් මහතා 19 වනදා උදෑසන වැඩ භාර ගැනීමට නියමිත වනවා