32 C
Colombo
Thursday, February 20, 2025

අනතුරක් සිදුකර පලාගිය PCගේ වැඩ තහනම්

- Advertisement -

බීමත්ව රිය පදවා රත්මලාන ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් අනතුරට ලක්කර පලාගිය පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කළ බව පොලීසිය පවසනවා.

අනතුරට ලක් වූ එම පොලිස් ජීප් රථය සහ ත්‍රීරෝද රථය එකිනෙක ගැටී අනතුරක් සිදුවන ආකාරයත්, අනතුරුව ජීප් රථය නොනවත්වා ධාවනය කරන ආකාරයත් දැක්වෙන වීඩියෝ පටයක් පසුගියදා සමාජ මාධ්‍ය හරහා සංසරණය වුණා.

එම සිදුවීම 2025.01.28 වන දින රත්මලාන ප්‍රදේශයේ සිදු වූ සිදුවීමක් බවත්, එදිනම මේ පිළිබඳව ගල්කිස්ස පොලිස් ස්ථානය මගින් විමර්ශන සිදුකර ජීප් රථය පැදවූ පොලිස් කොස්තාපල් රියදුරා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.

එහිදී ඔහු බීමතින් රිය ධාවනය කර ඇති බවට තහවුරු වී ඇති අතර, සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

මේ පිළිබඳව ගල්කිස්ස පොලීසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
 
RECENT ARTICLES - SINHALA

සංජීව ඝාතන සිද්ධියේ සැකකාරිය සොයන අයට මුදල් තෑග්ගක්

සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව යන අය වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරුට ආධාර අනුබල ලබා දුන් සැකකාර කාන්තාවක් හඳුනා ගැනීම...

විදේශිකයින් ගමන් ගත් ත්‍රිරෝද රථය අනතුරක

නුවරඑළිය සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා විදේශිකයන් දෙදෙනෙකු ප්‍රවාහනය කරමින් සිටි ත්‍රිරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වු යතුරුපැදිය ගැටී අනතුරට ලක්ව තිබෙනවා. අනතුරින් යතුරුපැදිකරු...

පාස්පෝර්ට් පෝලිම් අඩුවෙලා – මහජන ආරක්ෂක අමාත්‍යංශය

විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණි සේවාලාභීන්ගේ දිගු පෝලිම්වල සැලකියයුතු අඩු වීමක් නිරීක්ෂණය වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසනවා. පසුගියදා (18) රාත්‍රියේ සිට  ආගමන විගමන...

POPULAR ARTICLES