දිනෙන් දින ඉහළ යන භාණ්ඩ මිල හමුවේ ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇති බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ පටන් ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ රට තවත් ඛේදවාචකයකට ලක්ව ඇති බවයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
ඒ අනුව ජීවන බර උසුලාගත නොහැකි ජනතාව කැරළි ගැසීමට සූදානමින් සිටින බව සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඒ මහතා සදහන් කරනවා.