මුඛ ආවරණ පැළඳ නොසිටීම සහ සමාජ දුරස්ථභාවය පවත්වාගෙන නොයෑම යන නිරෝධායන නීතී කඩ කල පුද්ගලයන් 527 දෙනකු පසුගිය දින 25 ක්අ තුළ අත්අඩංගුවට ගෙන ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් අදාල පුද්ගලයන් අතරින් 62 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය පැය 24 තුළ කාලයේදී බවත් ඒ මහතා පැවසීය. කෙසේ වෙතත් මේ ආකාරයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන්ව නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කරන බවද ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේය.