26 C
Colombo
Monday, April 28, 2025

දළඳා වන්දනාකරුවන්ට දන්සල් දෙන්න සියලු ආගමිකයන් පෙළගැසෙයි

- Advertisement -

දළදා වන්දනාව සඳහා මහනුවරට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් දන්සල් සංවිධාන කිරීමට බෞද්ධ මෙන්ම ඉස්ලාම්, හින්දු හා කිතුනු භක්තිකයන්ද ඉදිරිපත්ව සිටින බව මහනුවර මහ නගර සභාව පවසනවා.

නව ජාතික හා ආගමික පුනරුදයක් ඇති කරගැනීම අරමුණු කරගනිමින් වසර 16කට පසු පැවැත්වෙන දළදා වන්දනා කාල සීමාව තුළ දන්සල් සංවිධාන කිරීම සඳහා මේ වන විට සංවිධාන 100ක් පමණ නගර සභාවේ ලියාපදිංචිය ලබා තිබෙන බවද මහනුවර නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි පසන් පැරකුම් ජයසිංහ මහතා කියා සිටියා.

තවත් විශාල පිරිසක් ඒ සඳහා ඉල්ලුම් කරමින් සිටින බවත් නගරයේ පවතින ඉඩකඩ සැලකිල්ලට ගනිමින් අදාළ අනුමැතීන් ලබාදීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට සිදුව තිබෙන බවත් ඒ මහතා පවසනවා.

දළදා වන්දනාව පැවැත්වෙන 18 සිට 27 දින දක්වා සෑම දිනයකම දළදා මාලිගා පරිශ්‍රය තුළ 30,000 කට ආහාර පාන ලබා දීමට දළදා මාලිගාව සැලසුම් කර තිබෙනවා.

එම පරිශ්‍රයෙන් පිටත දන්සල් පැවැත්වීම සඳහා මහනුවර මහ නගර සභාවේ නාගරික සෞඛ්‍ය වෛද්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කර ඇති අතර, ඒ සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉල්ලුම් කළ හැකි බවත් නාගරික සෞඛ්‍ය වෛද්‍ය දෙපාර්තමේන්තුව මඟින් සිදු කරනු ලබන නිරීක්ෂණයකින් පසු අදාළ අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් තීරණය කරන බවත් වෛද්‍ය ජයසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

දළදා වන්දනාව සාර්ථකයි-දළදා මාලිගාවෙන් නිවේදනයක්

සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ආශිර්වාදාත්මකව ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමකළ බව දැනුම් දෙමින් මල්වතු මහා විහාරය, අස්ගිරි මහා විහාරය සහ ශ්‍රී දළදා මාළිගාව ඒකාබන්ධ...

කෝප් කමිටුවෙන් දූෂිතයින්ට නඩු

රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබෙනවා. මෙහි පළමු පියවර ලෙස දූෂණ සහ අක්‍රමිකතා සිදුවන සියලුම රාජ්‍ය...

උඩුවර නායයෑමක් – කාන්තාවක් සහ දරුවෙකු රෝහලට

හාලිඇළ, උඩුවර පහකණුව ප්‍රදේශයේ අද (27) සවස සිදුවූ නායාමක් හේතුවෙන් නිවසක කොටසක් සම්පූර්ණයෙන්ම කැඩී ගොස් තිබෙනවා. නිවසේ කැඩී ගිය සුන්බුන් අතර සිරිවී සිටි දරුවෙකු සහ...

POPULAR ARTICLES