ඊයේ (27) රාත්‍රියේ කොළඹ – ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවත හදිසියේ වසා දැමීම හේතුවෙන් දැඩි රථ වාහන තද බදයක් ඇතිව තිබුණා.
මාර්ගය මෙලෙස වසාදමා තිබුණේ ප්‍රභූ රථ පෙළකට ගමන් කිරීමට පොලිසිය ඉඩ ලබාදීම හේතුවෙන්.
මෙලෙස පාරවසා දමා රියදුරන් අපහසුතාවයට පත්කරමින් මාර්ගයේ ඉඩලබාදී තිබුණේ ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණි චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග් (Wei Fenghe) මහතා ගමන් කළ රථ පෙළට ගමන් කිරීම සදහායි.
කෙසේ වෙතත් මේ ආකාරයෙන් මාර්ගය වසා තැබීමට විරෝධය පලකරමින් ඒ මොහොතේ මාර්ගයේ සිටි රියදුරන් සිය වාහනයේ නලාව හඬවමින් දැඩි විරෝධයක් දක්වා තිබෙනවා.
ඊට අදාළ දර්ශන පහතින්,