කිසියම් පිරිසක් විසින් ත්‍රිකුණාමල දිස්ත්‍රික් මුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී, එම්. එස් තවුෆික්ගේ කින්නියාහි පිහිටි නිවසට පහරදී තිබෙනවා.
අද (23) උදෑසන කින්නියා හි සිදු වූ පාලම් පාරු අනතුර පිළිබඳ ජනතාව කුපිත වූ ජනතාව මෙසේ පහරදීම සිදු කරන්නට ඇති බවයි පැවසෙන්නේ.
ප්‍රහාරයෙන් ඔහුගේ නිවසට දැඩි අලාබ හානි සිදු ව තිබෙනවා.
ත්‍රීකුණාමලය, කින්නියා, කුරිඤ්ඤන්කර්නි කලපුවේදී පාලම් පාරුවක් පෙරළීමෙන් පුද්ගලයන් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය පැවසුවේ, ඒ අතර පාසල් ළමුන් 04 දෙනෙකුද සිටින බවයි.
අනතුරින් දිවිගලවාගත් පුද්ගලයන් 14 දෙනෙකු කින්නියා රෝහලට ඇතුළත් කර තිබෙන අතර අතුරුදන්ව සිටින සෙසු පිරිස සොයා නාවික හමුදා කණ්ඩායම් 08ක් විශේෂ මෙහෙයුමක් පොලිසිය ක්‍රියාත්මක කර තිබෙනවා.