සමගි ජනබලවේගය පක්ෂය විසින් කොළඹදී අද (15) විරෝධතා රැළියක් සංවිධානය කර තිබුණා.
මීට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් බස්රථ යොදාගෙන විශාල පිරිසක් සහභාගීවූ අතර ඔවුන් ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට එරෙහිව විවිධ සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වුණා.
මෙම පිරස ස්ථාන කිහිපයකින් කොළඹට ඒකරාශීවූ අතර අවසානයේ ගාලු මුවදොර අසල ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට එක්වී වි පන්දම් දල්වමින්, මිනී පෙට්ටි රැගෙන එමින් සිය විරෝධය දැක්වූවා.
කෙසේවෙතත් අදාළ පිරිස පරිහරණය කළ ප්ලාස්ටික් ජල බෝතල්, බත් පාර්සල්, විරෝධතා පුවරු, මිනී පෙට්ටි, බැනර්, පෝස්ටර්, යනාදිය කොළඹ නගරයේ ස්ථාන රැසක සීසීකඩ දමා තිබෙන අයුරු දක්නට ලැබුණා.
කෙසේ වෙතත් අවසානයේ මෙම සියලු කැලිකසල කොළඹ නගර සභාවේ අසරණ කම්කරුවන් පිරිසිදු කිරීමට සිදුවුණා.