24 C
Colombo
Friday, November 8, 2024

ජනතාව තවත් අමාත්‍යවරයෙක්ගේ නිවස වටලයි

- Advertisement -

වාරියපොල නගරයේ  විරෝධතාවයේ යෙදුනු පිරිසෙන් කොටසක් රජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතාගේ නිවස වැටලීමට ගිය අවස්ථාවේ පොලිසිය ඊට බාධා පැමිණවීය.

ඒ වන විට රාජ්‍ය අමාත්‍යවරයා නිවසේ නොසිටි අතර පොලිසිය විසින් නිවසට ඇතුළුවන මාර්ගය වසා මාර්ග බාධක යොදා සිටියහ.

විරෝධතා පාඨ කියමින් එහි පැමිණි පිරිස පොලිස් බැරියර් පෙරළාගෙන යාමට තැත් කළ අතර පොලිසිය විසින් එය වළකන ලදී.

එහෙත් රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවස සහිත ඉඩමේ වැටෙන් ඇතුළු වූ විරෝධතාකරුවන් නිවස දෙසට දිව යද්දී අමාත්‍යවරයාගේ නිවසේ සිටි අමාත්‍යවරයාගේ ආධාරකරුවන් පිරිසක් පැමිණීමත් සමග විරෝධතාකරුවන් ආපසු මාර්ගයට පැමිණ විරෝධතා පාඨ කියමින් සිට පැයකට පමණ පසුව විසිර යන ලදී.


RECENT ARTICLES - SINHALA

දැවකඳන් සමඟ කජු වතු අධිකාරිවරයෙක් අත්අඩංගුවට

මන්නාරම ප්‍රදේශයේ රජයේ රක්ෂිතවලින් නීති විරෝධිව කපාගත් බුරුත , කලුවර ඇතුළු දැව ලී කඳන් රැස්කළ මන්නාරම , කොන්ඩච්චි, නානට්ටාන් කජු වතුයායේ අධිකාරිවරයකු අත්අඩංගුවට ගත්...

අකුරණ නගරය ජලයෙන් යටවෙයි

මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අද (08) පස්වරුවේ සිට ඇද හැළෙන අධික වැසි හේතුවෙන් මහනුවර යාපනය ඒ 09 මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යටව තිබෙනවා. අකුරණ නගරය...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය සාමාන්‍ය රාජකාරි සඳහා නොවැම්බර් 13 සහ 14 යන දෙදින වසා තබන බව මෝටර් රථ දෙපාර්තමේන්තුව නිවේදනය...

POPULAR ARTICLES