26 C
Colombo
Saturday, January 11, 2025

ආණ්ඩුවට 3%යි..! – සමීක්ෂණයකින් හෙළිවේ

- Advertisement -
  • රජයේ වැඩ ගැන ජනතා අනුමැතිය 3%යි
  • රටේ කටයුතු සිදුවෙමින් තිබෙන හැටි ගැන තෘප්තිය 2%යි
  • ආර්ථිකය ගැන විශ්වාසය සෘණ 96 (-96) යි

වෙරිටේ රිසර්ච් සිදුකරන “රට හිතන හැටි” දීප ව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ ජූනි මාසය සඳහා වන තොරතුරු නිකුත් කර තිබෙනවා.

එම සමීක්ෂණයේ ප‍්‍රතිඵල අනුව, රජයේ වැඩ ගැන ජනතා අනුමැතිය තිබෙන්නේ 3%ක මට්ටමකය. මෙම සමීක්ෂණයේ මංගල මත විමසුම සිදුකළ ගෙවුණු ජනවාරි මාසයේ දී, එම මට්ටම 10%ක් විය.

රටේ කටයුතු සිදුවෙමින් තිබෙන ආකාරය ගැන සෑහීමකට පත්වන්නේ ද? යන්නත් මෙම ජනමත විමසුමේ දී, අවධානයට ගෙන තිබෙන අතර, ජූනි මාසය සඳහා එය දැක්වෙන්නේ ජනතාවගෙන් 2%ක් රටේ කටයුතු සිදුවෙමින් පවතින ආකාරය ගැන සෑහීමකට පත්වන්නේය ලෙසය. ජනවාරි මාසයේ එම ප‍්‍රමාණය 6%ක මට්ටමේ පැවතිණ.

ආර්ථිකය ගැන විශ්වාසය කර තිබෙන ඇගයුමේ දී, ජූනි මාසය සඳහා එම අගය ලැබී තිබෙන්නේ සෘණ 96ක් (-96) ලෙසය. මෙම ඇගයුම සිදුකිරීමට බහුවර්ණ ප‍්‍රශ්න භාවිතා කර තිබෙන අතර, එම ප‍්‍රශ්නවලට ලැබී තිබෙන ප‍්‍රතිචාරයන් සෘණ 100 (-100) සිට ධන 100 (+100) දක්වා පරාසයක තබා ඇගයුමට ලක් කිරීමෙන් මෙම අගය ලබාගෙන ඇත. මෙම ක‍්‍රමවේදය අනුව, සම්පූර්ණ +100 ක අගයක් ලැබෙන්නේ සියලූමදෙනා ආර්ථිකය විශිෂ්ට තත්ත්වයක සහ එය හොඳ අතට හැරෙමින් තිබෙන බව විශ්වාස කරන්නේ නම් පමණකි. අනෙක් අතට, සම්පූර්ණ –100ක අගය ලැබෙන්නේ සියලූමදෙනා ආර්ථිකය අයහපත් තත්ත්වයකත්, සහ එය තවත් නරක අතට හැරෙමින් පවතින්නේය යන්න විශ්වාස කරන්නේ නම් වේ. අතරමැදි අගයන් ලැබෙන ප්‍රතිචාරයන් ප්‍රමාණය මත තීරණය වන අතර, 0ට ඉහළ, එනම් ධන අගයන් හිමිවන්නේ ජනතාව වැඩි වැඩියෙන් ආර්ථිකය ගැන යහපත් අදහසක් ඇතිව සිටින්නේ නම් වේ. මෙහිදී, ආර්ථිකය හොඳ මට්ටමක පවතින බව ප‍්‍රකාශ කර තිබෙන්නේ 1.8%කි. 1.3%ක් ආර්ථිකය හොඳ අතට හැරෙමින් පවතින බව ප‍්‍රකාශ කර ඇත. කිසිවෙක්වත් ආර්ථිකය විශිෂ්ට තත්ත්වයක පවතින බව ප්‍රකාශ කර නැත. ආර්ථිකය ගැන විශ්වාසය ගෙවුණු ජනවාරි මාසයේ පැවතියේ සෘණ 83ක (-83) අගයකය.

RECENT ARTICLES - SINHALA

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. අද (11) ප.ව. 12.30ට නිකුත් කරන ලද එම නිවේදනය ඉදිරි පැය 24 සඳහා වලංගුවන...

ගිනිඅවි ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් තීරණයක්

පෞද්ගලික පරිහරණය සදහා ලබා දී ඇති ගිනිඅවි යලි භාරදීමට ලබා දී ඇති කාලය කිසිසේත්ම දීර්ඝ නොකරන බව ආරක්ෂක අමාත්‍යංශය පවසනවා. අමාත්‍යංශය පැවසුවේ ඒ අනුව...

මුද්‍රණාලායාධිපතිගේ පත්වීමේ සාදයට රජයේ වාහන (වීඩියෝ)

0
නව මුද්‍රණාලායාධිපතිගේ පත්වීම වෙනුවෙන් ඊයේ (10) රාත්‍රියේ කැළණිය ප්‍රදේශයේ හෝටලයක සාදයක් පවත්වා තිබෙනවා. එම සාදයට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ විශාල පිරිසක් සහභාගී වී ඇති අතර ඔවුන්...

POPULAR ARTICLES