24 C
Colombo
Sunday, November 17, 2024

කැඩුණු ගේට්ටුව හදා දී ගිය සිසු විරෝධතාකරුවන්

- Advertisement -

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ සම සෞඛ්‍ය විද්‍යාල පීඨ ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ විහාරමහදේවී උද්‍යානය අසලින් ඇරඹි විරෝධතාවය, ඊයේ (06) සුවසිරිපායේ සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා පැමිණ විරෝධය පලකර සිටියා.

එහිදී ප්‍රධාන ගේට්ටුව අවහිර කරමින්  පොලිස් ආරක්ෂාව යොදවා තිබුණත් සිසුන් ඒවා ඉවත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයට ඇතුළු විය.

පසුව සිසුන් ගොඩනැගිල්ලට ඇතුළු වීමට උත්සහ කිරීම නිසා ඇතිවූයේ නොසන්සුන්තාවයක්.

පසුව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ සහ තවත් 12 දෙනෙකුට නිලධාරීන් සමඟ සාකච්ඡාවට ඉඩ සැලසුනා.

ඉන්පසුව, විරෝධතාවයේ ආරම්භයේදී අලාභහානි සිදුවූ ගේට්ටුව යළි පිළිසකර කර සිසුන් පිටව ගියා.

RECENT ARTICLES - SINHALA

ලැබුණු බලය අවභාවිතා කරන්න එපා – සජිත්

මහ මැතිවරණයේදී බහුතර ආසන ප්‍රමාණයක් ලබා ගනිමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබූ ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයට සුබ පැතුම් එක්කරන බව...

පිපිරීමකින් තරුණයෙක් මරුට

අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම්හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි වැදී ගරාජය...

උසස් පෙළ උපකාරක පන්ති ගැන දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්‍රණ අනිද්දා (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම...

POPULAR ARTICLES