පේරාදෙණිය පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ නිලධාරියෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇත.
මේ නිසා පේරාදෙණිය පොලිස් ස්ථානයේ අදාල නිලධාරියා සමඟ සමීපව රාජකාරිය කළ තවත් නිලධාරීන් 5ක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.
අදාළ නිලධාරියා තමන්ගේ පෞද්ගලික රථයකින් පොලීසියට පැමිණ ඇති බවත්, උණ ගතිය ඇති බව පැවසීමෙන් පසුව ඒ මොහොතේම රෝහල් ගත කිරීමට කටයුතු කළ බවත් වාර්තා වේ. කෙසේ වෙතත් අදාල නිලධාරියාගේ නිවැසියන් සහ ඔහුන් සමඟ කටයුතු කළ සමීපතයන් මේ වන විට ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.
තවද පේරාදෙණිය පොලිස් ස්ථානය නොවැම්බර් 15 වන දින රාත්රියේ විෂබීජහරණය කර ඇත.