ශ්‍රී ලංකා ක්‍රිකට් දිරිගන්වන්නෙකු වූ පර්සි අබේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඔහු මිය යන විට 87 හැවිරිදි වියේ පසු වු අතර පළමු තරගය නරඹා ඇත්තේ 1948 දී .
ඒ ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති තරගයක් බවයි සදහන් වන්නේ.
පර්සි මුල් වරට සිංහ කොඩිය අතින් ගෙන කණ්ඩායම දිරි ගැන්වීම සිදු කරන්නේ 1979 වසරේදී පැවති ශ්‍රී ලංකා පිල සහ එංගලන්ත සංචාරය තුලයි.
ඔහු අසනීප තත්වයේ සිටියදිත් ඔහු මාධ්‍යට ප්‍රකාශ කළේ ” මම කොච්චර වයසට ගියත් අවසානය දක්වා ලංකාවට චියර් කරනවා. මේ ආත්මයේ විතරක් නෙමෙයි, ලබන ආත්මයෙත් මම චියර් කරනවා.”