මෙරට මාධ්‍ය ආයතන සහ විකාශන බලපත්‍ර අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් ලයිකා මොබයිල් සමාගමට එරෙහිව ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) අවසර ලබා දී තිබෙනවා.
සමාජ ක්‍රියාකාරී ජමුණි කමන්ත තුෂාර විසින් ගොනු කරන ලද මෙම පෙත්සම සලකා බැලීම සඳහා අද දිනයේ කැඳවූ අතර, ජනක් ද සිල්වා, මේනකා විජේසුන්දර සහ සම්පත් අබේකෝන් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් අදාළ පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දුන්නා.
ලයිකා සමූහය විසින් EAP සමූහයට අයත්ව තිබූ බලපත්‍ර ඇතුළුව මාධ්‍ය ආයතන 11ට වැඩි ප්‍රමාණයක් අත්පත් කරගැනීමේ ක්‍රියවාලිය තුළින් ශ්‍රී ලංකාවේ නීතිය උල්ලංඝනය කර ඇති බවත්, එමඟින් ජාතික ආරක්ෂාවට බරපතල තර්ජන මතුව ඇති බවත් පෙත්සම්කරු පෙන්වා දෙනවා.
මෙම පෙත්සම මඟින් වග උත්තරකරුවන් 60 දෙනෙකු නම් කර ඇති අතර ලයිකා සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ සුබාස්කරන් අල්ලිරාජා, ඔහුගේ බිරිඳ ප්‍රේමදර්ශිනී අල්ලිරාජා, ගෝවින්දසාමි ජෙයසීලන්, නිරුතන් රාජසුන්දරම්, ස විදුලි සංදේශ නියාමන කොමිසම, විදුලි සංදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයා, ශ්‍රී ලංකා මහා බැංකුව, අල්ලස් කොමිසම ඇතුළු පිරිසක් ඒ අතර වනවා.