31 C
Colombo
Friday, December 20, 2024

සහල් ආනයනයට දුන් අවසරය දීර්ඝ කෙරේ

- Advertisement -

සහල් ආනයනය කිරීම සඳහා ලබාදුන් අවසරය 2025 වසරේ ජනවාරි මස 10වනදා දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඊට අදාළ අවසන් එකඟතාව එළැඹෙන සඳුදා පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබාගැනීමට නියමිතයි.

සහල් ආනයනය කිරීම සඳහා ලබාදී තිබූ කාලසිමාව අවශ්‍යතාව මත දීර්ඝ කිරීමට පියවර ගන්නා බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා ද ඊයේ (19) ප්‍රකාශ කළා.

ඒ අනුව සහල් ආනයනය දීර්ඝකීරීම සඳහා වූ ගැසට් නිවේදනය ලබන 24වනදා ප්‍රකාශයට පත්කරනු ඇති බව සඳහන්.

රජය විසින් සහල් අනායනයට ලබාදි තිබූ කාලය අද (20) මධ්‍යම රාත්‍රී 12න් පසු අවසන් වනවා.

යම් හෙයකින් සහල් ආනයනයට ලබා දී ඇති කාලය දීර්ඝ කිරීමක් සිදු නොකළහොත් අද මධ්‍යම රාත්‍රි 12න් පසු මෙරටට ආනයනය කරනු ලබන සහල් තොග ප්‍රතිඅපනයනය කිරීමට සිදුවනු ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල් සිවලි අරුක්ගොඩ මහතා පවසනවා.

රජය විසින් පසුගිය 4වනදා සිට සහල් ආනයනයට අවසර ලබාදිමෙන් පසු ඊයේ පස්වරුව වනවිට පෞද්ගලික අංශය විසින් මෙරටට සහල් මෙට්‍රික් ටොන් 35,600ක් ආනයනය කර තිබුණා.

එම සහල් තොගයෙන් මෙට්‍රික් ටොන් 20,000කට ආසන්න ප්‍රමාණයන් නාඩු සහල් බවත්, තවත් මෙට්‍රික් ටොන් 16,000ක් කැකුළු සහල් බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියා.

මේ අතර රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් ඇනවුම් කරන ලද සහල් මෙට්ට්‍රික් ටොන් 52,000ක තොගයක් වරායට පැමිණීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා සතොස වෙත ඇනවුම් කරන ලද සහල් මේට්‍රික් ටොන් 10,400ක ප්‍රමාණයක් මේ වනවිටත් වෙළෙඳපොළට මුදාහැර ඇති බව එහි සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

කුඩු සළිඳුට ඇප

සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් "කුඩු සළිඳු" රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත නිදහස් කරන ලෙස පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා...

උත්සව සමය වෙනුවෙන් පොලීසියෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

එළැඹෙන නත්තල් හා අලුත් අවුරුදු උදාවත් සමග මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සුදානම් කර තිබෙනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක,...

හිමාලි අරුණාතිලක වංචාවක් සිදුකර නැහැ – ඇමති විජිත

ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු නියෝජ්‍ය මහ කොමසාරිස්වරියක් ලෙස සේවය කළ හිමාලි අරුණාතිලක මහත්මිය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අමාත්‍ය විජිත හේරත්...

POPULAR ARTICLES