29 C
Colombo
Saturday, December 21, 2024

ඡන්දේ දින්න සතුටට රතිඤ්ඤා දැමූ පුද්ගලයෙක් රෝහලේ

- Advertisement -

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය පවසනවා.

හොරණ ඉලිබ කොස්වත්ත ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයකු එලෙස පිළිස්සුම් තුවාල ලබා තිබෙනවා.

තුවාල ලද පුද්ගලයා රතිඤ්ඤාවක් ගිනි දල්වා මදක් ඈතට විසිකර ඇති අතර එය පිපිරී නොයාම හේතුවෙන් ඒ අසලට ගොස් පරීක්ෂා කිරීමේදී එකවරම ඇතිවූ පිපිරීමත් සමඟම ඔහුගේ දකුණු අතේ මැණික් කටුව අසලට, උදර ප්‍රදේශයට ඇතුළු ශරීරයේ ස්ථාන කීපයකටම දැඩි පිළිස්සුම් තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

ඔහු ශල්‍යකර්මයකට ලක් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලිසිය මූලස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතිනවා.

RECENT ARTICLES - SINHALA

කොළඹ – නුවර මාර්ගයේ තවත් අනතුරක්

කොළඹ - නුවර මාර්ගයේ උතුවන්කන්ද ප්‍රදේශයේ නුවර දෙසට ධාවනය වෙමින් තිබු  බහළුම් රථය රියදුරුට රථය පාලනයෙන් ගිලිහි අනතුරක් සිදුව තිබෙනවා. එහිදී බහලුම් රථය තවත්...

ජනාධිපති අරමුදල ගැන හෙළිදරව්වට දයාසිරිගෙන් උත්තරයක්

තමා ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගෙන ඇත්තේ නීත්‍යානුකූලව බවත් එවකට සිටි ජනාධිපති, කථානායක සහ විපක්ෂ නායකවරයාගේ අනුමැතියද ඊට හිමිව ඇති බවත් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු...

හාල් හොරකම් කළ දෙන්නෙක් අත්අඩංගුවට

සහල් කිලෝ 1000කට ආසන්න ප්‍රමාණයක් සොරකම් කළ පුද්ගලයන් දෙදෙනෙකු කළුතර දකුණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරුවන් දෙදෙනා කළුතර සෙන්ට්‍රල් හන්දිය ප්‍රදේශයේ තොග වශයෙන්...

POPULAR ARTICLES