25 C
Colombo
Friday, November 29, 2024

පාර්ලිමේන්තුව අසළ විරෝධතාවයේ නිරත පිරිස් පොලීසියෙන් පැහැරගනියි (වීඩියෝ)

- Advertisement -

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට විරෝධය පලකරමින් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසළ විරෝධතාවයේ නිරත පිරිසක් පොලීසිය විසින් පැහැරගෙන යන ආකාරයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විරෝධතාකරුවන් අත්අඩංගුවට ගන්නේ ඇයි දැයි පැහැදිලි නොකරන පොලීසිය හිටිහැටියෙ එම පිරිස බලහත්කාරයෙන් ඇදගෙන ගොස් පොලිස් බස් රථයක දමාගෙන රැගෙන ගියා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසන්නේ මේ වන විට පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ විරෝධතාවය දැක්වූ පුද්ගලයින් 13 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඔවුන් මේ වන විට මහරගම පොලිස් ස්ථානයේ රදවාගෙන සිටිනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරන්නේ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අවහිර කිරිම, පාර්ලිමේන්තු අසළින් ගමන් කරන වාහනවලට අතින් පයින් පහර දී වාහන අවහිර කිරිම යන චෝදනා සඳහා මෙම විරෝධතාකරුවන් පිරිස අත්අඩංගුවට ගත් බවයි.

https://fb.watch/cNXlvDsRKQ/

RECENT ARTICLES - SINHALA

අල්ලස් ගත් ස්ථානාධිපතිවරයෙක් අත්අඩංගුවට

අල්ලස් ගත් බවට සිදුකළ විමර්ශනයකින් අනතුරුව මීගමුව කොට්ඨාස වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මෝටර් රථයක් සම්බන්ධයෙන් සිදුවූ ආරවුලකට අදාලව...

අයහපත් කාලගුණය ජීවිත 15ක් බිලි අරන්

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය මඟින් දිවයිනේ කාලගුණ පද්ධතියට සිදු වු බලපෑම අදින් පසුව අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බව කාගුණවිද්‍යා...

ජපානෙන් ලංකාවට තෑග්ගක්

ජපාන රජය විසින් පරිත්‍යාග කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 8.4 ක් වටිනා භාණ්ඩ සහ උපකරණ තොගයක් සංක්‍රමණිකයන් සදහා වූ ආයතනයේ මැදිහත් වීම මත කටුනායක ගුවන්...

POPULAR ARTICLES