30 C
Colombo
Wednesday, December 25, 2024

පෙෂාවර් ගුවන් තොටුපලේ මුර කුළුණට ප්‍රහාරයක්

- Advertisement -

පකිස්තානයේ පෙෂාවර් හි බචා ඛාන් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ උමං ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා ඉදිකරන ලද මුර කුළුණකට ප්‍රහාරයක් එල්ල වී තිබේ.

නඳුනන ප්‍රහාරකයින් ටෙහෙකාල් පොලිස් ස්ථානය සීමාවේ වර්සාක් මාර්ගයේ පහළ වානානෝපුල් හි ආරක්ෂක මුර කුළුණට අත්බෝම්බයක් එල්ල කළ බව විදෙස් වාර්තා පවසයි.

කෙසේවෙතත්, ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැති බව වාර්තා වේ.

පිපිරීමෙන් පසු විශාල පොලිස් භට පිරිසක් එම ස්ථානයට පැමිණ ප්‍රදේශය වටකර සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇති බව ද එරට වාර්තා පවසයි.

බචා ඛාන් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ටෙහ්කාල් සිට ෂෙයික් මුහම්මඩි ගම්මානය දක්වා වූ උමං ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීම සඳහා වසර කිහිපයකට මුර කුළුණු ගණනාවක් ඉදිකරන ලදී.

පසුගිය මාස කිහිපය තුළ පෙෂාවර් සහ අනෙකුත් කයිබර්පක්තුන්ක්වා දිස්ත්‍රික්කවල පොලිස් ස්ථාන, තැපැල් ස්ථාන සහ පොලිස් කාර්යාල ගණනාවකට අත්බෝම්බ සහ ස්වයංක්‍රීය ආයුධ ප්‍රහාර එල්ල වී තිබේ.

RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය සේවාවේ ඉස්සරහට වැඩ වෙන්නේ දේශපාලකයන්ගේ කැමැත්තට පිටින් – නලින්ද

මෙරට සෞඛ්‍ය සේවාවේ ඉදිරි සියලු කටයුතු දේශපාලන අධිකාරියේ කැමැත්තට නොව අමාත්‍යාංශයේ ස්ථීරසාර සැලසුමකට අනුව සිදු විය යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද...

කටුනායක අධිවේගයේ හොරකම් මඩින්න STF

කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ විදුලි රැහැන් හොරකම් නැවත්වීම සඳහා පොලිස් ව්ශේෂ කාර්ය බලකායේ සහය ලබා ගැනීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය...

කුකුල් මස් කිලෝවක් අල්ලස් ගත් දෙන්නෙක් අත්අඩංගුවට

රුපියල් එක්දහස් එකසිය හැත්තෑවක් වටිනා කුකුලු මස් කිලෝවක් අල්ලස් වශයෙන් ලබා ගත් මීරිගම ප්‍රාදේශීය සභාවේ දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

POPULAR ARTICLES

පාකිස්තානයෙන් ඇෆ්ගනිස්තානයට ගුවන් ප්‍රහාර

පාකිස්තානය ඇෆ්ගනිස්තානයට එල්ලකළ ගුවන් ප්‍රහාර වලින් මේ වන විට පුද්ගලයින් 46 දෙනෙකු මියගොස් තිබෙනවා. තලෙයිබාන් සංවිධානය විසින් මේ බව නිවේදනය කර තිබෙනවා. ඔවුන් පවසා...