වැඩබලන පොලිස්පති කෙනෙක් පත් කරන්නැයි ඉල්ලා පෙත්සමක්

පොලීසිය සඳහා වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කරන ලෙස ජනාධිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. නීතිඥවරයෙකු වන වන් ආර්. එස්. පී. රණසූරිය මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වෙන්නේ. එහි වග උත්තරකරුවන් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා නීතිපතිවරයා නම් කර තිබෙනවා.