27.6 C
Colombo
Friday, November 22, 2024

පිල්ලෙයාන් අදත් CIDයට

- Advertisement -

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අද (22) දිනයේත් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විකාශය කළ වැඩසටහනක සඳහන් වූ කරුණු සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව එලෙස ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගනු ලබනවා.

පෙරේදා (20) දිනයේත් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටි අතර එහිදී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් පවසා ඇත්තේ දමිළ භාෂාවෙත් සිය ප්‍රකාශය ලබාදීමට අවශ්‍ය බවයි.

ඊට අදාළ භාෂා පරිවර්තන කටයුතු සූදානම් කිරීමෙන් පසු අද දිනයේ ඔහුට පැමිණෙන ලෙස දැනුමී තිබෙනවා.   

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව ඉකුත් වසරේ ජුනි මස 08 වනදා ආන්දෝලනාත්මක විඩියෝවක් විකාශය කළා.

විනාඩි 50කට ආසන්න කාලයක් විකාශය කෙරුණු අදාළ වීඩියෝවේ සම්මුඛ සාකච්ඡා සඳහා එක්වෙමින් තොරතුරු ඉදිරිපත් කර තිබුණේ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ කණ්ඩායමේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ ස්විට්සර්ලන්තයේ රැඳී සිටින අසාද් මවුලානා නැමැත්තෙක්. 

අනතුරුව අදාළ වීඩියෝවේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් සොයාබලන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණිල්ලක් ලැබී තිබු අතර ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කළා.

ඒ අනුව, එකී විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබාගැනීම සඳහා හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඉකුත් 12 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා.

කෙසේ වෙතත්, එදින හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටි අතර ඔහු සිය නීතිඥයින් මාර්ගයෙන් ප්‍රකාශ ලබාදීමට වෙනත් දිනයක් ඉල්ලා තිබුණා.

ඒ අනුව පෙරේදා දින යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම්දී තිබු අතර එදින පෙරවරු 9.30ට පමණ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබුණා.

RECENT ARTICLES - SINHALA

ගෝමික උඩුගමසූරියට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරක්

අමෙරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්වවිද්‍යාලයේ සහ එම්. ඩී. ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස...

ලක්සඳ නිවාස සංකීර්ණයේ ගින්නෙන් දැඩි හානි

කොළොන්නාව ලක්සඳ මහල් නිවාස සංකීර්ණයේ ඊයේ (21) රාත්‍රියේ ඇතිවූ ගින්නකින් නිවාස සංකීර්ණයට විදුලිය සැපයෙන ප්‍රධාන විදුලි පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. එමෙන්ම ගින්නෙන් ඇති වූ...

IMF ගිවිසුම ක්‍රියාත්මක කිරීම ජනවරමට පිටුපෑමක් – සජිත්

පසුගිය රජයේ ජන පීඩිත IMF ගිවිසුම වත්මන් රජය ක්‍රියාත්මක කරන බවට පැවසීම ජන වරමට පිටුපෑමක් බව සමගි ජන සන්ධාන නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

POPULAR ARTICLES