31 C
Colombo
Friday, July 5, 2024

පියුමිගේ ක්‍රීම් බෙදු කූරියර් ආයතනය ප්‍රකාශයක් දෙන්න බෑ කියලා

- Advertisement -

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ රූපලාවන්‍ය ආයතනයේ ක්‍රීම් වර්ග ඇතුළු රූපලාවන්‍ය භාණ්ඩ බෙදාහරිනු ලබන කුරියයර් ආයතනයට ප්‍රකාශයක් ලබාදීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් කොට්ඨාසය මගින් කළ ඉල්ලීම එම ආයතනයේ ප්‍රධානීන් ප්‍රතික්ෂේප කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීයෙක් පැවසු බව ලංකාදිප පුවත්පත වාර්තා කරනවා.

ඒ අනුව ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සදහා එම කුරියයර් සමාගමේ සභාපතිවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හමුව ඉදිරිපත් වන ලෙස ඉල්ලමින් අධිකරණ නියෝගයක් ලබාගැනීමට කටයුතු කරගෙන යන බව ද එම නිලධාරීයා පවසා තිබෙනවා.

නිරූපණ ශිල්පිනියක් ලෙස පියුමි හංසමාලිට මෙතරම් සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීම සදහා මුදල් ලැබුණේ කෙසේද යන්න පිළිබදව ‘මගෙන් රටට‘ සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා විසින් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාට කළ පැමිණිල්ලකට අනුව සංවිධානාත්මක අපරාධ මගින් උපයාගත් වත්කම් විමර්ශන ඒකකය මගින් පරීක්ෂණ ආරම්භ කර තිබුණා.

මේවන විට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සිදුකළ විමර්ශනවලට අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පරිහරණය කළ රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථය රුපියල් ලක්ෂ 780 ක මිලකට මිලදී ගෙන තිබෙනවා.

එමෙන්ම පියුමි හංසමාලි විසින් කොළඹ 7, වෝඩ් පෙදෙසේ නිවාස සංකීර්ණයකින් රුපියල් කෝටි 15 කට ආසන්න මුදලකට සුඛෝපභෝගී නිවසක්ද මිලදී ගෙන තිබුණා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් සිදුකළ විමර්ශනවලට අනුව පියුමි හංසමාලි ඇතුළු ඇයගේ සමීපතමයන් විසින් පරිහරණය කරන බැංකු ගිණුම් 19 ක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට ඉකුත්දා අධිකරණයෙන් අවසර ලැබුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිසිපත් රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් පරිදි නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් අධිකාරී සුජීව විජයසේන, සංවිධානාත්මක අපරාධ මගින් උපයාගත් වත්කම් විමර්ශන ඒකකයේ ස්ථානාධිපති සම්පත් රාජකරුණා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ඉදිරි විමර්ශන සිදුකරනු ඇති.


RECENT ARTICLES - SINHALA

ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් වෙන විදිය ගැන නන්දලාල් කියයි

ශ්‍රී ලංකා රජය සහ ස්වෛරී බැඳුම්කරහිමියන් අතර පැමිණි එකඟතාවය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ නිල ණයහිමි කමිටුව විසින් අනුමත කළහොත් මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන්...

සාගලගේ රථ පෙළ වීඩියෝ කළ තරුණයක් අත්අඩංගුවට

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩලය ප්‍රධානි සාගල රත්නායක මහතා ගමන් ගත් රථ පෙළ ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කළ 21 හැවිරිදි සිසුවෙකු කොල්ලුපිටිය...

ජනාධිපතිවරණය කල් දමන ලෙස ඉල්ලූ පෙත්සමට එරෙහිව අතරමැදි පෙත්සම් කිහිපයක්

දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ...

POPULAR ARTICLES

රත්නපුර නගරය අඳුරු වෙයිද?

වීදී ලාම්පු සදහා රත්නපුර මහ නගර සභාව ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලින් විදුලි බල මණ්ඩලයට අයවිය යුතු රුපියල් මිලියන ගණනක මුදල් නොගෙවීම නිසා...

අද රාත්‍රියේ සිට පැය 18ක ජල කප්පාදුවක්

අද (04) රාත්‍රී 9 සිට පැය 18ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය පවසන්නේ කොළොන්නාව නගර සභා බල සීමාව,...

ඩොලරය පහළට

පසුගිය දිනවලට සාපේක්ෂව අද (02) දිනයේ ඩොලරය පහළ අගයක පෙන්නුම් කළා. ඒ අනුව අද දිනයේ ඩොලරයේ ගැනුම් මිල සටහන් වූයේ රුපියල් 300.39ක් ලෙසයි. එමෙන්ම එහි විකුණුම්...