27.7 C
Colombo
Tuesday, April 1, 2025

පියුමිගේ ක්‍රීම් CID විමර්ශනයට

- Advertisement -

නීතිවිරෝධී සහ සැකකටයුතු අන්දමින් කෙටි කාලයකදී රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත් බව පැවසෙන නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි විසින් පවත්වාගෙන යනු ලබන රූපලාවණ්‍ය ආලේපන නිෂ්පාදන, ඇයගේ ආයතනය මගින් ආනයන සහ අපනයන කර ඇත්දැයි සොයාගැනීමට රහස් පොලිසියේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ පවත්වන බව ලංකාදිප පුවත්පත වාර්තා කරනවා.

එම ආලේපන නිෂ්පාදනය කරන ස්ථාන ගැන තොරතුරු අනාවරණය කර ගැනීමට ද රහස් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මීට අමතරව පියුමි හංසමාලි පවත්වාගෙන යන මෙම ව්‍යාපාරය විසින් සිදුකරගෙන යනු ලබන ව්‍යාපාර කටයුතු ආදායම් බදු ගෙවීම් සහ ව්‍යාපාරයේ ගිණුම් සම්බන්ධයෙන් ද එම කොට්ඨාසය පරීක්ෂණ පවත්වාගෙන යන බව සඳහන්.

නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි විසින් පවත්වාගෙන යනු ලබන මෙම ව්‍යාපාරය සමාගම් රෙජිස්ටාර් කාර්යාලයේ ලියාපදිංචි වී ඇති අතර ඒ හා සම්බන්ධ තොරතුරු ද එම කාර්යාලය මගින් ගෙන්වාගෙන තිබෙන බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ගෙන්වාගත් එම තොරතුරු සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර තිබෙන බවට පැවසෙනවා.

RECENT ARTICLES - SINHALA

බදු සංශෝධන ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 18ට අඩු පුද්ගලයින් සඳහා තැන්පතු මත පොලිය හෝ වට්ටම් සඳහා අයකරනු ලබන අත්තිකාරම් ආදායම් බදු සහනය ඉල්ලා සිටිය හැකි බව...

ග්‍රීසියට පනින්න ගිය විදෙස් ජාතිකයින් තිදෙනෙක් අත්අඩංගුවට 

කූඨ ලෙස සකස් කළ ග්‍රීක නේවාසික වීසා බලපත්‍ර භාවිත කරමින් ග්‍රීසිය වෙත පළා යාමට උත්සාහ කළ බංගලාදේශ ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුනායක ගුවන්...

පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් ඇරඹෙයි

මේ වසරේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (01) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. පළමු පාසල්...

POPULAR ARTICLES