26.8 C
Colombo
Sunday, April 6, 2025

බලනු 25,000 වැඩිකර 35,000 යොදලා – පියුමි හංසමාලි

- Advertisement -

තමා මුදල් උපයා ඇත්තේ අනීතික ක්‍රියාවලින් නොවන බවත් තමාගේ දැනුමෙන් පවත්වාගෙන යන රූපලාවන්‍ය නිෂ්පාදන විකිණීමේ ව්‍යාපාරයෙන් බවත් ඉදිරියේදී තහවුරු වනු ඇති බව නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි පවසනවා.

අද (01) උදෑසන ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට පැමිණි අවස්ථාවේදී ඇය මේ බව ප්‍රකාශ කළා.

කොළඹ හිල්ටන් රෙසිඩන්ට් හි පදිංචි පියුමී හංසමාලි රුපියල් ලක්ෂය අටසීයකට රේන්ජ් රෝවර් වර්ගයේ රථයක් මිලදී ගැනීම, කොළඹ හත නිවාස සංකීර්ණයකින් රුපියල් මිලියන 148ක නිවසක් මිලදී ගැනීම, කෙටි කාලයක් තුළදී ප්‍රධාන බැංකු අටක පවත්වාගෙන යන බැංකු ගිණුම් 19 හරහා කෝටි ගණනක් මුදල් තැන්පත් කිරීම ඇතුළු සැක සහිත ලෙස දේපළ උපයා ගැනීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදුකරනු ලබනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පියුමි හංසමාලි මහත්මිය පවසා සිටියේ, තමා නිශ්පාදනය කරන එක් රූපලාවන්‍ය නිෂ්පාදන එකතුවක මිල රුපියල් 35,000ක් පමණ වන බවයි.

මේ වන විට අදාළ නිශ්පාදනවල ඇණවුම් 25,000ක පමණ ප්‍රමාණයක් විකිණී ඇති බවත් ඒ අනුව තමාගේ වත්කම් සම්බන්ධයෙන් ලංකාවේ ජනතාවට අදහසක් ලබා ගත හැකි වනු ඇති බවත් ඇය මෙහිදී සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

අගමැති මෝදි 96 ලෝක ශූරයින් හමුවෙයි 

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ 1996 වසරේ ලෝක කුසලානය දිනාගත් ඉතිහාසගත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් අද (05) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුව තිබෙනවා. ඒ පිළිබඳව සිය...

දඹුල්ල කෘෂි ගබඩාවේ නම වෙනස් කළාට හර්ෂ පුදුමයෙන්

පශ්චාත් අස්වනු නාස්තිය අවම කිරීමේ අරමුණින් ඉදි කෙරුණු දඹුල්ල උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාව අද (05) විවෘත කෙරුණා. ඒ,  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනපති අනුර...

මෝදිට හූ කියලා

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (05) රථ පෙළපාලිය සමඟ නෙළුම් පොකුණ අසල මාර්ගයේ ගමන් ගන්නා අවස්ථාවේදී පෙරටුගාමි...

POPULAR ARTICLES