එක්සත් ජනපදයේ RM Parks Inc සමාගම සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ගිවිසුමකට එළඹ තිබෙනවා.
RM Parks Inc යනු පෙට්‍රොලියම් නිෂ්පාදිත වෙළෙඳාමේ නිරත ලොව ප්‍රමුඛ පෙළේ ආයතනයකි.
මෙම ගිවිසුමට අනුව Shell නිෂ්පාදිත ශ්‍රී ලංකාව තුළ අලෙවිය සඳහා කටයුතු කරනු ඇති බවයි වාර්තා වෙන්නේ.
ඒ අනුව RM Parks Inc සහ Shell එක්ව මෙරට ඉන්ධන පිරවුම්හල් 200ක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ආයෝජන මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ මෙම ගිවිසුම ඩොලර් මිලියන 110ක වටිනාකමකින් යුතු බවයි.
එමෙන්ම, මෙම ඉන්ධන පිරවුම්හල්වල කුඩා සුපිරි වෙළඳසැල් (mini-supermarkets) සහ විද්‍යුත් වාහන ආරෝපණය කිරීමේ (EV charging) පහසුකම් ස්ථාපිත කෙරෙනු ඇති බව ලංකා ආයෝජන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරනවා.