ඖෂධ වර්ග 90ක මිල අඩු කිරීමට ඖෂධ නියාමන අධිකාරිය සැලසුම් කර තිබෙනවා.
එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පවසා තිබුණේ, ඒ සඳහා ඖෂධ සමාගම් කිහිපයක් දිස්ත්‍රික් අධිකරණයේ ගොනු කර ඇති නඩු කටයුත්තකින් බාධා මතුව ඇති බවයි.
ඒ අනුව මෝසමක් මගින් ඒ සඳහා කරුණු දැක්වීමට නියමිත බව ඔහු පවසා තිබෙනවා.
ඉන් අනතුරුව ඖෂධ මිල ගණන් අඩු කිරීම කඩිනමින් සිදු කිරීමට නියමිත බව ඖෂධ නියාමන අධිකාරිය ප්‍රකාශ කළා.