30 C
Colombo
Monday, December 23, 2024

අනේ මට සමාවෙන්න සනත් – ධම්මික පෙරේරා

- Advertisement -

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතාගේ නම රූපවාහිනී වැඩසටහනකදී වැරදි ලෙස සඳහන් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා අද (11) සමාව අයැද තිබෙනවා.

සනත් ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ,

“ මගෙන් සමාව ඉල්ලලා ධම්මික පෙරේරා මහත්තයගෙන් කෝල් එකක් ආවා. මම කිව්වා ඒක වචන පැටලීමක් මිසක් මොළයේ වරදක් නෙවෙයි කියලා. ඉදිරි දුෂ්කර කාර්යය සඳහා මම ඔහුට සුබ පතනවා. අපි කාරණය අවසන් කර සලකා බලමු. ” ලෙසයි.

ධම්මික පෙරේරා රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් සනත් ජයසූරිය සහ අරවින්ද ද සිල්වා හැඳින්වූයේ සනත් ගුණතිලක සහ අරවින්ද පෙරේරා ලෙසිනි.

අදාළ වීඩියෝව සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වූ අතර ධම්මික පෙරේරා මහතාව දැඩිව විවේචනයට ලක්වුණා.


RECENT ARTICLES - SINHALA

ප්‍රාදේශීය සභාවක හිටපු සභාපති කෙනෙක් අත්අඩංගුවට

රත්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා අත් අඩංගුවට ගෙන තිබෙනවා. නීති විරෝධීව ත්‍රිරෝද රථ එකලස් කිරීමේ චෝදනා යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. මාතලේ කොට්ඨාස...

ගැසට්ටුව නැති නිසා යළි සහල් ආනයනය බෑ

සහල් ආනයනය සඳහා වන ගැසට් පත්‍රය නිකුත් කරන තෙක් යළි කිසිදු හෙයකින් මෙරටට සහල් ආනයනය කිරීමේ හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. පෞද්ගලික අංශය...

ගුවන් යානා භාවිතා කිරීමේ චෝදනාවට පාඨලීගෙන් උත්තර

හිටපු ඇමතිවරුන් පහළොස් දෙනෙකු පසුගිය කාලයේ දී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදා ගෙන තිබූ බව...

POPULAR ARTICLES

ප්‍රාදේශීය සභාවක හිටපු සභාපති කෙනෙක් අත්අඩංගුවට

රත්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා අත් අඩංගුවට ගෙන තිබෙනවා. නීති විරෝධීව ත්‍රිරෝද රථ එකලස් කිරීමේ චෝදනා යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. මාතලේ කොට්ඨාස...

තුර්කියේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටී 4ක් මරුට

නිරිතදිග තුර්කියේ හෙලිකොප්ටර් යානයක් අනතුරට පත්වීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ හෙලිකොප්ටර් යානය රෝහල් ගොඩනැගිල්ලක ගැටීමෙන් අනතුරට පත්ව ඇති බවයි. අනතුරට පත්වු...

ගැසට්ටුව නැති නිසා යළි සහල් ආනයනය බෑ

සහල් ආනයනය සඳහා වන ගැසට් පත්‍රය නිකුත් කරන තෙක් යළි කිසිදු හෙයකින් මෙරටට සහල් ආනයනය කිරීමේ හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. පෞද්ගලික අංශය...