28.3 C
Colombo
Saturday, November 23, 2024

මහින්ද, නාමල් විරෝධතාවය සිදුවූ ස්ථානය නිරීක්ෂණයට පැමිණෙයි

- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විරෝධය පලකරමින් ඊයේ (31) මිරිහානේ පැවති විරෝධතාවය පැවති ස්ථානය

නිරීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එම ස්ථානයට අද (01)

පැමිණියා.

අදාළ විරෝධතාවයේදී වාහන කිහිපයකට ගිනි තබා ඇති අතර යුද හමුදාවේ, මාධ්‍යවේදීන් සහ මහජනතාව ඇතුළු කිහිප

දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

උග්‍රවන ආර්ථික අර්බුදය හේතුවෙන් රජය කෙරෙහි කලකිරීම ප්‍රකාශ කිරීම සඳහා ඒකරාශී වූ පිරිසක් මෙම විරොධතාවයට

එක්ව සිටියා.

අදාළ විරෝධතාවයට 3000 කට අධික පිරිසක් සහභාගී වී සිටි අතර පසුව පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල

කිරීමෙන් පසු පිරිස විසිර ගියා.

ඊයේ පැවති විරෝධතාවය අතරතුර වාහන කිහිපයකට ගිනි තබා ඇති අතර විරෝධතාවයේදී ආරක්ෂක නිලධාරීන් මාධ්‍යවේදීන් සහ මහජනතාව කිහිප දෙනෙකු ද තුවාල ලබා ඇත.

උග්‍රවන ආර්ථික අර්බුදය හේතුවෙන් රජය කෙරෙහි කලකිරීම ප්‍රකාශ කිරීම සඳහා එක්වූ මහජන කණ්ඩායම් විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි. විරෝධතාවයට 3000 කට අධික පිරිසක් සහභාගී වී සිටි අතර පසුව පොලිසිය කඳුළු ගෑස්, රබර් උණ්ඩ සහ ජල ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව ඔවුන් විසිර ගියහ.

RECENT ARTICLES - SINHALA

මගේ දැනුම පාවිච්චි කරලා රට ඉදිරියට ගෙනියන්න පුළුවන් – රවී

තමා තුළ පවතින ආර්ථික දැනුම මෙන්ම විදේශිය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තිබෙන දැනුම උපයෝගී කරගනිමින් රට ඉදිරියට ගෙන යාමට හැකියාව පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක...

කොස්ලන්දේ මළසිරුරේ අබිරහස හෙළිවෙයි

කොස්ලන්ද , හාමුදුරුකන්ද ප්‍රදේශයේදී ඊයේ (22) ගෙල කපා පුද්ගලයෙකු ඝාතනය කර තිබුණා. තණමල්විල පොලිස් බල ප්‍රදේශයට අයත් හම්බෙගමුව සූරියගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක හා බලහරුව...

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම්

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා. උණ , සෙම්ප්‍රතිශ්‍යාව , උගුරේ වේදනාව සහ කැස්ස එම රෝග...

POPULAR ARTICLES